About Me

My photo
දනිමි මම මා නොවන වග, මට මා හමුනොවන සඳ, විනිවිදිමි ගණදුර, එළිය පහනක නොතිර බව තුළ.

Monday, September 24, 2018

# 23: විපරීත දෘෂ්ටිය

ඔබ සොඳුරු බව දකිමි
ඒ හඬින් ස්වර මවමි
සුවඳ විඳ නොවැලපෙමි
සුසුම් සුව විඳ ගනිමි ;

සසරමඟ සැරිසරමි
මිරිගුවක මඟ යදිමි
සංඛාර නොදැක  ඉමි
මුළාවක වසඟ වෙමි ;

පෙන පොදක සිරි දකිමි
හිමි දුකට පෙම් බඳිමි
විපිළිසර ලොව රැඳෙමි
නොමැති නුඹ සොයා යමි ......................