About Me

My photo
දනිමි මම මා නොවන වග, මට මා හමුනොවන සඳ, විනිවිදිමි ගණදුර, එළිය පහනක නොතිර බව තුළ.

Saturday, October 20, 2018

# 24: උසාවියක් දෙවෙනි කළ ශිෂ්‍යත්ව ප්‍රතිඵලය


පෝරුවෙදි  පෙමින් බැඳී  - සුදු පාට සේල පට
යහන මත එළුව දා - වරිග හැම සතුටු කළ
වාසගම වෙනස් කොට - මට මාව අහිමි කළ
කුල ගෙයක උදානය - රෙදි කඩක සැඟව ඇත


කඳුළු වැසි පිසින්නට - නෙරි පොටත් මිදුව සඳ
ඔබේ යහන බදුගත්ත - මියුලැසියෝ රැසක් මැද
ඔබේ පයට පෑගිලා - කළුම කළු පැහැ  ගත්ත
රතු පාට සුදු රෙද්ද - අපුල්ලනු කවුරුන්ද?


හය වසක් මෙපුර දන - උසාවියේ පිරි මැද්ද
මගේ සුදු රෙද්ද - මටම අරුමයක් වෙද
පැමිණිල්ලේ වාසියට - උසාවිය තිලිණ  කළ
මගේ කන්යා නමට - නාවලා ගෙට ගයිද?


සිතුවාට උඹ ඉතින - පරසිඳුය තෙද බලය
උසාවියේ තීන්දුව - බල්ලොවත් තැකුවාද
ශිෂ්යත්ව ප්රතිඵලය - දනන් තුඩ රැඳුනු සඳ
මගේ දුව සේදුවා - සුදු රෙද්දේ බොර පැහැය