සඳුට වෙර කළ සැපින්නක ගැන - නයි කදුළු නැත යා උනේ
කිඳුරු පෙම ගැන සදෙව් ලොව දුර - සොඳුරු පද වැල් ලිය වුනේ
අඳුරු අරණක සඳ සුයාමෙක - දඟර ගැහිලා සෙල උනේ
කින්නරාවක් නොව අදෝමැයි - බස්සෙකුය ස්ථිර කළේ ...
සළෙලු කවියක උමතු තනු තුළ - රඟපු ළඳකගේ නෙරිපොටේ
හඳ එළිය මැද මිදුව වර පට - පෙමට උපමා නොම කළේ ..
පෙගුනු කෙහෙරැළි ලයට බර උනි - දෙවිඳු හැර ගිය කෝවිලේ
අමතකව ගිය මිරිවැඩිය ගැන - අරුම දෙස් තව බෝ කළේ ...
රනින් කළ මිරි වැඩිය හිස මත -දිදුළ මැණිකක පපු තුරේ
කළුම කළු නයි හැවක් එතුනලු - නුගේ පාමුල ගල් වලේ
නෙක යවුල් මැද පා තැබුව සඳ - පා සලබ හැර ඝන දුරේ
සැපින්නට මිරි වැඩි කුමට හෙට - අසනු කුමකට නුඹ සඳේ ....
Pages
About Me

- පොලියානා අලිසන්දිරි
- දනිමි මම මා නොවන වග, මට මා හමුනොවන සඳ, විනිවිදිමි ගණදුර, එළිය පහනක නොතිර බව තුළ.
Tuesday, April 17, 2018
Saturday, April 7, 2018
# 16: අමන වියමන
මතක අමතක අමන ගැහැණිය
වියන සළුපට හුරු අතින්
ඇරඹුමක් නැති අරමුණක් නැති
හුයක් පටලයි නිය අගින්
දිදාලය අග බොඳවූ රතු කැට
ගැලුවේ නැති බව හදවතින්
ශිරාවක් ධමනියට කිව්වා
උන්ට මොකටද එය ඉතින්
වියන සළුපට හුරු අතින්
ඇරඹුමක් නැති අරමුණක් නැති
හුයක් පටලයි නිය අගින්
දිදාලය අග බොඳවූ රතු කැට
ගැලුවේ නැති බව හදවතින්
ශිරාවක් ධමනියට කිව්වා
උන්ට මොකටද එය ඉතින්
Subscribe to:
Posts (Atom)