About Me

My photo
දනිමි මම මා නොවන වග, මට මා හමුනොවන සඳ, විනිවිදිමි ගණදුර, එළිය පහනක නොතිර බව තුළ.

විසිරුණු මුතු

# 01 මුතු කැටය:  මායිස් ...........................

හූකාව එක උගුරට රස විදින්න බැරි බව කියා දුන්නේ මායිස්. වේගවත් සංගීත රිද්මයට පා සොලවන යුවතියන් මැද්දේ නිස්කන්සුවේ පිම්බ දුම් රැළි සීතල වාතලයට එකතු උනේ අදුරට ඔච්චම් කරමින් කියල මට හිතුණා.

පෙට්ටි හැඩේට සුදු පාට මාබල් ගලෙන් නිම වෙච්ච චතුරශ්රාකාර කාමර වල ජීවිතේ පිරිලා තිබුණා. බුර්කාව අහසට විසිකරපු තරුණ සිත් සී මැදුරු කවුළුවෙන් පාර දිහා බැලුවේ නෑ.. බලන්ඩ ඕනේ උනීම නෑ.. සත්තකයි. ආදරේ දොරේ ගලා ගියා .

අබීර්ට තිබුනේ මුවත්තියකගේ වගේ  සිහින් දිගටි ඇස් දෙකක්. හිනාවෙනකොට වල ගැහෙන රත් පහ දෙකොපුල්. ලැජ්ජා හිතෙන හැම වෙලේම සිහින් රත් පැහැයක් කම්බුල මැද්දෙන් මතුවෙලා විසිරිලා යන හැටි මායිස්ට මතක් උනා රත් පැහැය විසිරුණු ලැම කොච්චර සුන්දරද . කන් පෙත්තේ ඉදන් දකුණු කකුළේ සුලගිල්ලට යනකන් රහස් කීයක් හැංගිලා තියෙනවද කියල මතක් කරන්න මායිස්ට හිතුනේ නැත්තේ, රෆා දේශසීමාව හරහා ඊජිප්තුවට ඇතුළු උන අබීර්ගේ කතා කරන ඇස් අතීතය අමතක කරන්ඩ තිබුන හදිස්සිය ගැන දැනුනු වේදනාව හින්දයි. 




රෆා කියන්නේ නිදහසේ දොරටුව. උපන්දා ඉදන් මතකේ තිබුනේ  හඩටත් වැඩ වේගෙන් සැළෙන හදවතේ ලප් ඩප් සද්දෙයි . වටේම ගොඩනැගිළි පුපුරලා යනකොට අපේ නිවාස සංකීර්ණය තවමත් යහතින් නිබුන එක ගැන කුහක සතුටක් ඇති නොවුනාම නොවේ. එක තමයි අපේ ජීවිතේ.

හුගක් ගෙවල් වල බිත්ති අහස් ප්‍රහාර වලින් සිදුරු වෙලා , දැදුරු වෙලා තිබුණා . පොඩිකාලේ ඉදන් ගෘහස්ත මිසියිල හදන්න අත් උදව් දෙන එක සංස්කෘතියේම කොටසක් උනා. පලේස්තිනයේ අපේම බිම් වලින් අපිව එළවලා ගාසා තීරයේ පටු, මුදු බිම් තීරයට අපිව කොටු කරපු කාලකන්නි ජාතියට අපි වෛර කරන්න පටන් ගත්තේ තොටිල්ලේ ඉදන්මයි. අභිරහස් උමන් මාර්ග ඔස්සේ අත්‍යවශ්‍ය දේවල් ඊජිප්තුවෙන් හොරෙන් ගෙනාවත් පාතාලයේ වෙළද ගනුදෙනු වලින් අපි සැහෙන්න බට කෑවා. ගෙයක් නැතුව යතුරක් ඇතී තියන් නිදහස වෙනුවෙන් ජීවිතය පුරා සටන් කරන හැම පලස්තිනුවම අසහාය වීරයෙක්. මායිස්ගේ ඇගේ තිබ්බෙත් උනුසුම්කකරෙන ලේ තමයි.
 බිමට නැමිලා ගලක් අහුලාගෙන ජීවිතේ සිමා කරපු ක්‍රොදයේ තාප්පයට වරෙන් දම ගසන්න ඕනේ කළත් මුහුණ වසන බුර්කාව තදින් අල්ලාගත් මායිස් නිදහස සොයාගෙන අදුරේ ගිලුණු කාමරයට දුවගන ගියා.

දවසේ පැය කීපයකට සීමා උනු බලශක්ති සැපයුම ජීවිතේ වසාගත්ත අන්දකාරෙට අස්වැසිල්ලක් දුන්නේ නෑ . වයස තිස්  එකක් වෙච්ච  මයිස්ගේ ජීවිතේ පෙම්වතෙක්, තාත්තා කෙනෙක් තිය සහෝදරයෙක්වත් හිටියේ නෑ . විවාහ වෙන වයස පසුකළ, ඇගේ ඉරණම සම්මතයෙන් පිට දකින්න කවුරුවත් හිතුවේ නෑ . පරිගණක මෘදුකාංග පිලිබඳ ඉංජිනේරු උපාධියක් තිබුනත් මායිස්ට රැකියාව ලැබුනේ රාජ්‍ය නොවන සංවිධානයක සැපයුම් අංශයේ සහයිකාවක් විදියට.

පර්දාවෙන් වැහුනත් දෙකොපුල් වළ සුළි හැදෙන, රත් පැහැ දෙකොපුල්, කතාකරන ඇස් මායිස්ට අපුරු ලස්සනක් එක් කළා. එහෙම උනත් විවාහයට ගැහැණු ළමුන් තෝරන මනාලයින්ගේ අම්මලාගේ විමසුම් ඇහැට හැමදාමත් ඉස්සෙලාලම අහුඋනේ වම් පියයුරට යටින් තිබුණ අගල් තුන්කාලේ අව පැහැ පල්ලම විතරයි. චාරිතරානුකුලව යෝජිත මනාලයන්ගේ අම්මලට නුල් පාටක් නැතුව මුළු සිරුරම ප්‍රදර්ශනය කරළ , ඔවුන් අතින් ප්‍රතික්ෂේප වෙන වාරයක් පාසා මායිස්ගේ ආත්මය මියගියා. කුරානයේ ඇත ගසාගෙන කොඉතරම් වැලපුනත් ඇගේ කදුළු පිහින්න අල්ල දෙවියෝ හිත්වේ නැත්තේ ඒක දේව කැමැත්ත හින්දද කියල ඇය ප්‍රශ්නකළේ නැහැ.

මායිස්ට අබීර් හමුඋනේ කාන්තාවන්ගේ සාදයකදී. එකියන්නේ ගාසා තීරයේ ගැහැණු ජීවිතේ විදින්න අටවාගත්තු අඩයාලමක්. පැය කීපයකට සීමා උනත් වෙහෙසකර ජීවිතේට හිස් අරුතක් එකතුඋන සුයාමයක්. හුකාවේ දුම අතරේම, සමහරු එකදිගට දුම් වැටි ඉරුව. බුර්කාව මෑත් කරද්දී මතුඋන සේක්සි ඇදුමට, රන් පැහැ සීරුරට පිරිමියෙක්ගේ ඇස්වහක් නම් වැටුනෙම නෑ . ඉතින් හැමෝම ආදරේ හෙව්වේ එකිනෙකාගෙන් විතරයි, ඒක විදීමක්ද  විදවීමක්ද කියල පැහැදිලි තර්කයක් ගෙන්න කාටවත් ඕනේ කළේ නැහැ. ඕනේ කළත් ඒකට අස්වැසිල්ලක් තිබුනෙත් නෑ . අබීර්ගේ දිගටි රතගිලි වල පහස මායිස්  මුසුපත් කළා.එදා පටන් කාලය ගල ගියේ හීනයක් වගේ . එත් අබීරවා බලන්න අව දෙවෙනි නැන්දම්මා, අබීර්ගේ සිරුරට කැමති උනා. ඇමරිකා එක්සත් ජන පදයේ ජීවත් උණු එයාගේ පුතාගේ බිරිද වෙන්න අබිර්ට වාසනාව තිබ්බා.

රාෆා සීමාව හරහා ඊජිප්තුවට ඇතුළු වෙන්න අබීර් දාපු ඉල්ලුම් පත්‍රය අනුමත වෙන්නමස නමයි දින විස්සක් ගතවුනා . මායිස්ට ඒ  හැම දිනයක්ම මතක් උනා.අබීර් ආදරේ හෙව්වේ මායිස්  ළඟ . විනාඩි තුනෙන් තමන් ලගින් නැගිටලා යන පිරිමියෙක් ලග ජීවිතේ සතුට හම්බවෙයි කියල කිසිම විශ්වාසයක් කාටවත් තිබුනේ නෑ . ඒත් ගාසා වලින් මිදිලා නිදහස සොයන යන්න තරුණ හිත් විප්ලව කළා . ඒ  ආසාව , මායිස්ට තිබුණු ආශාක්ත බවට වැඩි එකක් . හිරගෙයින් මිදිලා පියබන්න අබිර්ට තිබුණු ආශාව මායිස් නොදැක්ක නෙමේ. රෆා සීමාවේදී සමුගද්දී, ඒ ඇස් වල විතැන් සිහින දැකල මයිස්ගේ කදුළු වියළුනා . බුර්කාව  ඇතුළේ හැංගිච්ච නිදහස් ජීවිතේ.කෙහෙල්මල . ජීවිතේ හැම තැනම තියෙනවා. අබීර්  ගියත් ජීවිතේ ඉවර නෑ .හුකාවේ දුම අතරින් රූත් ගේ ඇස් දෙක මායිස්ගේ ඇස් වල පැටළුනා.

6 comments:

  1. මට නම් මෙලො මගුලක් තෙරෙන්නෙ නැහැ...තරහා වෙන්න එපා එහම කිව්වට
    එල ද බ්‍රා මෙන්ඩා

    ReplyDelete
  2. තරහ වෙන්නේ මොකටද සහෝදරයා. අපි හැමෝම දේවල් දකින්නේ, ප්‍රකාශ කරන්නේ අපේ පරාසයන් උඩ. ඒක එකිනෙකාට වෙනස් . ලෝකේ ලස්සන ඒ හින්දම තමා

    ReplyDelete
  3. අමුතු ලස්සනක් තියෙන ලිපියක්. නිවුස් වලින් සටන් ගැන විතරක් අහන රටක් ගැන වෙනස් අදහසක්.

    ReplyDelete
    Replies
    1. රස විඳීම සතුටක්. මේ තමා යථාර්ථයේ එක පැතිකඩක්. ජීවත්වීම තුලින්ම හදුනාගත්

      Delete
  4. පලස්තීන කෙල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක ඉගෙන ගෙන තියනවා. උන් අනිත් අරාබි කෙල්ලන්ට වඩා හුඟක් වෙනස් , ලස්සන කතාව

    ReplyDelete
  5. ඔව් ඒක ඇත්ත. අහිමි වීම් තුළ වෙනස් කම් නිර්මාණය වෙනවා

    ReplyDelete