About Me

My photo
දනිමි මම මා නොවන වග, මට මා හමුනොවන සඳ, විනිවිදිමි ගණදුර, එළිය පහනක නොතිර බව තුළ.

Tuesday, May 23, 2023

42: හැට්ටේ පිටට බොත්තම් දැමුවා හැඩ දෝ

 මදහස නැගෙන මුවගේ දෙසවන් දක්වා

කෙහෙ රොද  රැදුනි කන් පෙති අතරින් ලිස්සා

නුඹ  දෙස් තියන අරුමෝසම් වැසි වස්සා

මුප්පු තෝඩුවක් හිනැහුණි ඇය  එක්කා


නාභිය බොලට වැසුමට සළුපිළි මස්සා

කෙණ්ඩිය අගින් පේ කළ සෙත් පැන්  ඉස්සා

සුරතේ මවන පච්චය සිත යට රිස්සා 

පින් කළ සිතක තරු සිතුවිළි වැසි වැස්සා…….

 

සොඳුරිය සිහිනයක් -හන්සයෝ ගී ගයන

නිසසල විලෙත් -හැමවිට නෙක රැළි නගන

මානෙල්, නෙළුම් පරදන කඩුපුල් කුසුම

අවිහිංසක නැතැයි කිම මැසිවිලි බෝම ......

 

ගිගුරුව තරම් අහසම කළුවර  වේ දෝ

සඟවන හැඟුම් හිත යට අමතක වී දෝ

තරහෙන් පිප්පුවත් ආදරේ ඇති නේදෝ 

හැට්ටේ පිටට බොත්තම් දැමුවා හැඩ දෝ



'' failed to upload. Invalid response: There was an error during the transport or processing of this request. Error code = 103, Path = /_/BloggerUi/data/batchexecute


6 comments:

  1. තේමාවට රිසි ලෙස වචන හැසිරවීම අගෙයි. ඒ තුළින් මවන චිත්‍රය ද අපූරුයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි Lit seeker මේ පැත්තේ ආවට

      Delete
  2. Replies
    1. බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට ඉයන් . ගොඩ කාලෙකින්

      Delete

සංචාරයේදී හමු උන ඔබේ ගමනට සුබ පැතුම්, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ .