About Me

My photo
දනිමි මම මා නොවන වග, මට මා හමුනොවන සඳ, විනිවිදිමි ගණදුර, එළිය පහනක නොතිර බව තුළ.

Thursday, February 8, 2018

# 12: සොඳුරිය මේඝයකි - සළලෙකු නැත දත්තේ


තෙද බල කුටිය - කහවණු  පැහැයෙන් හැඩය
කළුවන් කබා මැද බේරෙන - බඩ  ගෙඩිය ..
සාරසුභාවට කැන හිළු   - නිදි බරය
නීතියේ ලඳත් විනිසුරු ළග - අවසඟය

ලේ පුසුබකට ඇදෙනා - දඩයම් කලය 
සුදු සළුවකට වැසුනත් රුව - පැහැසරය
අබමිට අතින් ගත්  ගැහැණිය - වනචරය
නිදි ගැට කැඩුව  උන් හැම හූ - හඬ පෑය

බඳවා රනින් යදමක් - නැකතක් මැද්දේ
ජය මංගල ගයා - අවමගුළකි ගත්තේ
සොඳුරිය මේඝයකි - සළලෙකු නැත දත්තේ
අඳ  නීතියට ඇය අද - අවසඟ නැත්තේ

විසිරුණු කිරට නැත ඇය - විනිසුරු යැද්දේ
පින්මද පුතුන් දැක මදහස - මුව ඇන්දේ
යදමින් බැදුන පා යුග - මිණි  ගෙඩි  සද්දේ
ඇහැරුණු උන්ට නැත අවසර - ඉන පල්ලේ



11 comments:

  1. අසඩක් ඔබ කොහෙද?
    ග්රූෂා පැමිණ ඇත
    යුක්තිය අයදමින්.....
    ඔබ රැජින වෙනුවෙන් හා සමගින් ද
    පවසව කළු කබා කාරයන්
    අතරෙන් මිදී..

    ReplyDelete
    Replies
    1. ගෘෂා කිමද ඇය ශාෂා ඇත ඇරියේ
      අසඩක්ගේ ඇබිනි
      අද අඩ හැර පෑවේ
      රැජිනත් සමග බිරිදත් ....සිහියට ආවේ ...
      අසඩක් තුමා
      පිළිතුර යළි කල් දැම්මේ ................

      ස්තුතියි ලොකු මල්ලි තුමණි

      Delete
  2. Replies
    1. ස්තූතියි ක්ෂේම භූමි දෝණි. ඔබගේ ඇගැයීම මහත් සතුටක්

      Delete
  3. ලස්සනයි.
    අදයි මේ පැත්තට ආවේ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී. මේ පැත්තේ ආපු එක ගැන හුගක් සතුටුයි

      Delete
  4. ස්තූතියි. ගැහැනියකට තමයි හොඳටම දැනෙන්නේ

    ReplyDelete
  5. මේ කවිය දැක්කේ අදයි..

    බොහොම ලස්සන නිර්මාණයක්.

    ReplyDelete
  6. බොහොම ස්තූතියි ලිකිතා. ඔබේ ඇගයීම සතුටක්

    ReplyDelete

සංචාරයේදී හමු උන ඔබේ ගමනට සුබ පැතුම්, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ .