About Me

My photo
දනිමි මම මා නොවන වග, මට මා හමුනොවන සඳ, විනිවිදිමි ගණදුර, එළිය පහනක නොතිර බව තුළ.

Sunday, February 18, 2018

# 13: සිනාසෙන තිසර පට


හත් දින පේ වුන -කිලි ගෙයි පෑදුණ
කොටහලුවක නැකතක් මානේ
පිපුණු කැකුළු මත - බෝදුර  යන්නට
සිතුවලු කුමාරිගේ සළු පානේ .................

පෙර එක දවසක - හිරු බිඳී සවසක
අහසම බීරුම් කරපු වෙලේ
මිදුව තිසර පට - මහවෙලි ගං තෙර
උණ ගාලේ සෙනෙහසින් රැඳී ..................

 හසකැන් තුඩු මත - බබරිදු විස කළ
අතැගිලි එක්කොට බැන්ද දිනේ
රන් තැලි එක්කළ - උදම්  හසුන් මත
තිසර පොටේ මල්කම් බෝවේ .................

නෑ සිය පුර මැද  -  නෙරි පොට බිදුමට
උදක් දුන්නු අයිතිය හමුවේ
බිමට විසික් කල -තිසර පොටේ අග
පැටලුණි බුමුතුරුණක රහසේ ..................

කිරි පිරිලැම  මත - කදුළැලි  මුසු කොට
සුසුම් හෙලූ වසරක් ගානේ
හිමි සඳු කොහේදැයි - විපරම් කළ ඇගේ
සුරතෙහි පැටලුණි රෑ යාමේ ......................

නිවසට බෝ දුර -වියන් යහන මැද
ඇගේ හද යළි රස සෙව්ව දිනේ
බිමට විසිව ගිය - එරන් තිසර පොට
ගිරි හිස දැක යළි සිනහ සුනේ .................


8 comments:

  1. Replies
    1. ස්තූතියි ඉයන් මේ පැත්තේ ආවට සහ ඔබේ ප්‍රතිචාරයට

      Delete
  2. ඔබට මීට වඩා උසස් නිර් මාණ කල හැක!

    ශෘංගාරය මැවෙන්නට පාද සළඹේ හඬ ප්‍රමාණවත්වේ.

    පයින් ගැසීමක් ඇවැසි නොවේ!

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම. බොහොම ස්තූතියි ඔබට. මට තේරෙනවා ඔබ කියන දේ. එත් මම පොඩි උත්සහයක් ගත්තා මගේ විදිහෙන් එලියට එන්න. මොකද සමහරක් අය දකිනවා, මගේ අදහස එළියට එන එක ප්‍රමාණවත් මදි කියන එක. මම ඉදිරියේදී උත්සහ ගන්නම් වෙනස තුළට සංයමයක් ගේන්න පුලුවන්ද කියල.

      Delete
  3. ලස්සනයි. අර්ථවත්.

    ජයවේවා!!!

    ReplyDelete
  4. දෙපාරක් කියෙව්වා... දෙපාරම අවසානයට එද්දි අදහස පැටලුනා... බලමු තව පාරක් කියවලා

    ReplyDelete
  5. ඒ පැටලුණු අදහස මොකක්ද සඳු

    ReplyDelete

සංචාරයේදී හමු උන ඔබේ ගමනට සුබ පැතුම්, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ .