About Me

My photo
දනිමි මම මා නොවන වග, මට මා හමුනොවන සඳ, විනිවිදිමි ගණදුර, එළිය පහනක නොතිර බව තුළ.

Friday, February 23, 2018

# 14 : අරුම පුදුම හැන්දෑව


නුඹ  මට කියල තිබ්බෙ
ඉර හවසට මූදෙ ගිලෙනවා කියලා
එත් මම පුදුම උනා
ගිනි මලක් තුරු වියන මැද්දෙන්
රූරා වැටෙන කොට ...
දිය රැළි ඔහේ ගෝෂා කළා
මුදට ඉර අහිමි කළා කියලා .....
එත් ඒ අපුර්වත්වය වින්දෙම  තුන්වෙනි ඇස,
මගේ හිතනම් හරි විපිළිසරයි
උඹ  මට බොරු කිව්වා වත්ද ????

8 comments:

  1. රහ පිරුනු නිර්මාණයක්. ලස්සනයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුමී. රසවත් කවි පබදින ඔබේ ඇගයීම ලොකු දිරියක්
      ජය වේවා ...!

      Delete
  2. පුංචි කාලේ පොත් මතකයක් නිසා නම දැක්කම මේ පැත්තට එන්නම හිතුණා. අපූරුයි පොලියානා!

    ReplyDelete
    Replies
    1. වැසි නොවට සවසක
      රිවි මිලින අහසක
      සොදුරු බව සිර කළ
      ඉමට කළ හරසර
      බොහොම ස්තූතියි වැසි දියණියනි....

      Delete

සංචාරයේදී හමු උන ඔබේ ගමනට සුබ පැතුම්, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ .