About Me

My photo
දනිමි මම මා නොවන වග, මට මා හමුනොවන සඳ, විනිවිදිමි ගණදුර, එළිය පහනක නොතිර බව තුළ.

Saturday, March 10, 2018

# 15: පොඩි මැණිකේ , නජ්ලා සහ බූරුවෝ

ඉල් මහේ වැහි නොදුටු - අහසට දෙස් තියා
පොඩි මැණිකේ නිවුණු ළිප - හිතේ ගිනි එක් කළා
හෙට්ටිගේ ණය  පොතේ - ඉලක්කම් දිගුවු දා
කිරි මවගේ ගෙජ්ජි වැල - වත්තේ කොන වැලලුනා ....

සහරාවේ කුණාටුව - ඔලිව් ගස් හිස් කළා
හිස් තැටිය රොටි නැතුව - නජ්ලා  විසි කළා
දෙවියන්ගේ අඩවියේ - දොර උන්ට වැසුණ දා
පවුලේ බර වැඩි බව -බූරුවට සිහි උණා  ......

ගිනි වැදුන දිවි මගේ  - දුක් සුසුම් පිරිවරා
සින්ථතික්  බූරුවෝ  -සැමට ඔච්චම් කළා
ආගමයි, ජාතියයි - නොයෙක් අවි අත දරා
පණ  අදින මිනිස්කම - කග පතින් සුන් කළා ...


5 comments:

  1. මද පවන ගිණි අව්ව - දිවියටම පැටලිලා
    වද විඳින පරපුරක - කතාවක් කඳුලක් සලා
    පද ගොතා විසිතුරුව - බ්ලොගය ඔබ හැඩකළා
    අද මගේ නෙත් දෙකම - මේ කවිය තෙත්කළා....

    ලස්සන නිර්මාණයක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. තෙත්වූ දෙනෙත් අග - මිදුණු කදුළක් වෙලා
      සොදුරුතම මිනිස් කම - තවත් කවියක් උනා
      ඔවුන්ගේ හෙට දිනට - පැතුම් ආසිරි ගොතා
      ඔබෙ වදන් පිලි ගනිමි - මා ඉතින් හිස නමා ...

      බොහොම ස්තුතියි දුමී .....

      Delete
  2. බොහොම ස්තුතියි තඩියා තුමනි

    ReplyDelete
  3. ලස්සන අරුත්බර නිර්මාණයක්

    ReplyDelete
  4. ස්තූතියි ක්ෂේම භුමි දියණියනි

    ReplyDelete

සංචාරයේදී හමු උන ඔබේ ගමනට සුබ පැතුම්, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ .