Pages
About Me

- පොලියානා අලිසන්දිරි
- දනිමි මම මා නොවන වග, මට මා හමුනොවන සඳ, විනිවිදිමි ගණදුර, එළිය පහනක නොතිර බව තුළ.
Sunday, May 27, 2018
# 19: මුත්‍රා මත ගැවසෙති බඹරුන්
රත් පැහැ පියුම් මත
මකරන්දයේ ගිලෙන
බිඟු තුඩක තැවරුණේ
ප්‍රේමයක් පමණක්ද?
සිංහ ගිර පාමුළ
නොසැඟවුණු මුත්‍ර මත
ගැවසෙනා බඹරුන්ට
ආදරේ අපුලක්ද ?
විපිළිසර හදවතක
හඬන නොහඬන තතට
දෙබර කූඩෙට ගසන
එක ගලත් කජ්ජක්ද ?
Tuesday, May 1, 2018
# 18: අළු පැහැති මම
මම සුදු යැයි කියන
ඔබ කළු යැයි හඟින
කාලයේ සරන්නෙමි.....
මම මා නොවන සඳ
ඔබ ඔබ නොවන සඳ;
කළු සුදු අප දෙදෙන
තුලාවක නැම්ම මත
රැඟුව බව මොහොතකට
වික්ෂිප්ත මනස තුළ
හඟිමි මම ක්ෂණයක ...
චපල නීතිය අසළ
අපේ කළු සුදු පැහැය
සිල්ලරට විකිණු සඳ
දන ගතිමි සත්තකට
අළු පැහැති බැව් මහද .
ඔබ කළු යැයි හඟින
කාලයේ සරන්නෙමි.....
මම මා නොවන සඳ
ඔබ ඔබ නොවන සඳ;
කළු සුදු අප දෙදෙන
තුලාවක නැම්ම මත
රැඟුව බව මොහොතකට
වික්ෂිප්ත මනස තුළ
හඟිමි මම ක්ෂණයක ...
චපල නීතිය අසළ
අපේ කළු සුදු පැහැය
සිල්ලරට විකිණු සඳ
දන ගතිමි සත්තකට
අළු පැහැති බැව් මහද .
Subscribe to:
Posts (Atom)