About Me

My photo
දනිමි මම මා නොවන වග, මට මා හමුනොවන සඳ, විනිවිදිමි ගණදුර, එළිය පහනක නොතිර බව තුළ.

Tuesday, May 1, 2018

# 18: අළු පැහැති මම

මම සුදු යැයි  කියන
ඔබ කළු යැයි හඟින
කාලයේ සරන්නෙමි.....
මම මා නොවන සඳ
ඔබ ඔබ නොවන සඳ;
කළු සුදු අප දෙදෙන
තුලාවක නැම්ම මත
රැඟුව බව මොහොතකට
වික්ෂිප්ත මනස තුළ
හඟිමි මම ක්ෂණයක ...
චපල නීතිය අසළ
අපේ කළු සුදු පැහැය
සිල්ලරට විකිණු සඳ
දන ගතිමි සත්තකට
අළු පැහැති බැව් මහද .


12 comments:

  1. අප සියල් නිසැකව
    අළු පැහැති ජීවිත!

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම. එත් ඒක වර්ණ වලින් පිරෙනවානම් අළු පැහැය වැහෙයි නේද?
      ස්තුතියි ඔබට

      Delete
  2. මොනෝක්‍රෝම් හාර්ට්....👍

    ReplyDelete
    Replies
    1. යෙඃ . ඉට් ඉස් මොනොක්‍රෝම් සම්ටයිම්ස්. යෙට් කලර්ෆුල් ඇස් අ රෙන් බෝ . ස්තූතියි බොහොම

      Delete
  3. හ්ම්. අපූරුයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හැමදාමත් වගේම ස්තූතියි ඔබ දෙන අනුබලයට . ජය වේවා !

      Delete
  4. අළු පැහැති ජිවිත.අපුරුයි.

    ReplyDelete
  5. හ්ම්ම්. ඇත්තටම . ස්තුත්යි ඔබට

    ReplyDelete
  6. ස්තූතියි සඳවතට . මේ පැත්තේ ආවාට

    ReplyDelete
  7. අපි හැමෝම අළු මිනිස්සු

    ReplyDelete
  8. ඇත්තටම. ස්තූතියි සහෝදරයා

    ReplyDelete

සංචාරයේදී හමු උන ඔබේ ගමනට සුබ පැතුම්, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ .