පළමුව මට මාද
දෙවනුව මට නුඹද
තෙවනුව නිවහනද
අහිමිව ගිය සඳ;
සැරි සරමි ඔබ මොබ
නොමළ, මළ මිනිසෙක්ව.
අහෝ කම් නැත ,
අහිමි වී ඇත, මීටත් වැඩි දෑ ...
එහෙයින්,
විඳිමි ..විනිවිඳිමි
වික්ෂිප්ත වූ දසුන් .
Pages
About Me

- පොලියානා අලිසන්දිරි
- දනිමි මම මා නොවන වග, මට මා හමුනොවන සඳ, විනිවිදිමි ගණදුර, එළිය පහනක නොතිර බව තුළ.
Saturday, March 30, 2019
Sunday, February 17, 2019
# 26: අනේ අපිටත් කිරි දෙන්න කාමරයක්
කැ කෑ රෙනා ඉරමල යට - දහදිය කදුලින් හැඩවෙන
සෙනෙහෙලතා , විනීතලා - මඟ දිග බොහොමයි
උන්ගේ අතේ හිඳ නැළවෙන - පියොවුරු සිඹ කුස පුරවන
අවිහිංසක කිරි දරුවන් - පුරවර එමටයි
රෝහල මංකඩ රැස් කන- හේනේ කුඹුරේ දෙස් දෙන
කිරි වියළුණු මවක සුසුම - තන පොට හඳුනයි
තුරු සෙවනක, බස් අසුනක - ගිජු ඇස් අභිමුව සැඟවෙන
තවත් ළඳක පෙව් කිරි කඳ - සෙනෙහස සේමයි
සීතල කුටියක ගැවසෙන - සුවබර විමනක යන එන
අයිතිය ගැන යුදට වැදෙන - නෝනලා බොහොමයි
දරුවන් ඇකයේ නැතුවට - කිරි බිඳු තන අග නැතිවට
කිරිදෙන්නට ඔෆීසියේ - තැනකුත් උරුමයි
උන් හැම හඬ ගා පවසන - නිදහස් අයිතිය කාහට
විඳිනු කුමට විඳවන හෙට - කදුළක් විමසයි .
සංවර්දනය වෙනුවෙන් කැපවුණු ඉහල පෙලේ ආයතනයක සිටින බුද්ධිමත් කාන්තාවන්, කිරි දීමට ස්ථානයක් ඉල්ලති. කිසිවෙකුත් කිරිදරුවන් රැගෙන රැකියාවට නොපැමිණෙන හෙයින්ද , මහජනයා මෙම ස්ථානය අභ්‍යන්තරයට නොපැමිණෙන හෙයින්ද එවැනි කාමරයක් කුමකටදැයි මට තවමත් අපැහැදිලිය .
නමුදු ඔබට අනුව එය අවශ්‍යතාවය නොව අයිතිය පිලිබඳ සංකේතයකි.
අදිකරණය වෙත යොමු කිරීමට පෙර යුෂ්මතිය සමාව භජනය කරයි.
ස්ත්‍රී පුරුෂ සමාජ බාවය පිලිබඳ සටනට .........................
Wednesday, February 13, 2019
# 25: වෙඩි නොවදින යට ඇඳුම

ඇස් දෙකම හිනා උනත් - යටි තොල වෙව්ලනවා පොඩ්ඩක්
ඇඟටම ඇළුනු ගවුමෙම - මල් පහක් ගෙත්තම් කරලා තිබුණත්
සැරටම හමන සුළඟට - කොනකින් එසවුණා හවසත්
එන්චාන්ටර් සුවඳත් - දාඩිය පිපුණු පපුවත්
වටොර දඟ යුගලත් - මතකේ රැඳවුනි සිනහ මුහුණත්
කවුරුන් කොහොම කිව්වත් - හොරෙන් හිතුවෙම අනග පැතුමක්
එහෙම බව දැනුණත් - ගත්තේ නෑ ඇය දණට ගණනක්
කපුටන් නොදුටුවත් - සුළඟ දුටුවලු වෙනම කරුණක්
ලොවටම මොකක් පෙනුනත් - ඒකි ඇන්ඳෙම ,
වෙඩි නොවදිනා යටෑදුමක්
Subscribe to:
Posts (Atom)