About Me

My photo
දනිමි මම මා නොවන වග, මට මා හමුනොවන සඳ, විනිවිදිමි ගණදුර, එළිය පහනක නොතිර බව තුළ.

Wednesday, February 13, 2019

# 25: වෙඩි නොවදින යට ඇඳුම

ශේෂා කියන්නේ - හින්දේරී කළු කෙල්ලෙක් 
ඇස් දෙකම හිනා උනත් - යටි තොල වෙව්ලනවා පොඩ්ඩක් 

ඇඟටම ඇළුනු  ගවුමෙම  - මල් පහක් ගෙත්තම් කරලා තිබුණත් 
සැරටම හමන සුළඟට - කොනකින් එසවුණා හවසත් 

එන්චාන්ටර් සුවඳත් - දාඩිය පිපුණු පපුවත් 
වටොර දඟ යුගලත් - මතකේ රැඳවුනි සිනහ මුහුණත් 

කවුරුන් කොහොම කිව්වත් - හොරෙන් හිතුවෙම අනග  පැතුමක් 
එහෙම බව දැනුණත් - ගත්තේ නෑ ඇය දණට ගණනක් 

කපුටන් නොදුටුවත් - සුළඟ දුටුවලු  වෙනම කරුණක් 
ලොවටම මොකක් පෙනුනත් - ඒකි ඇන්ඳෙම , 
වෙඩි නොවදිනා යටෑදුමක් 

2 comments:

සංචාරයේදී හමු උන ඔබේ ගමනට සුබ පැතුම්, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ .