About Me

My photo
දනිමි මම මා නොවන වග, මට මා හමුනොවන සඳ, විනිවිදිමි ගණදුර, එළිය පහනක නොතිර බව තුළ.

Friday, June 18, 2021

#34: අම්මා ......අම්මා....... මිහි මඬල සැම ගෙ අම්මා .............

 



තුරු වදුළු සිඹින -මද සුළඟ නිතින  සැම

කෙනෙර මවුන් ඔද-තෙද  රන්දා

ගස් ගොම්මන යට - කඩොල් කැලේ කොන

නිසොල්මනේ මිහි සර විඳිනා

 

අම්මා ......අම්මා....... මිහි මඬල සැම ගෙ  අම්මා //

 

විහඟ ගීතයක - ස්වර පුබුදන සඳ

කලා වැවේ දියවර බන්ඳා  

කුඹුක්  රුකක් යට -  සෙවන කැදැල්ලක

මීන කුලේ  පෙම් - සුව  විඳිනා

 

අම්මා ......අම්මා....... මිහි මඬල සැම ගෙ  අම්මා //

 

පෙන පොකුරු මවන - සුළි රටා මතින

නුඹ ගලයි, ගලයි , ගංගා ....

කෙත් වතු සරු කොට - ඔබත් මමත් රැක

ජීවය නිති රකිනා …… අම්මා

 

රැක  ගනිමු ලොවෙ අම්මා -මිහි මඬල සැමගේ අම්මා

අම්මා ......අම්මා....... මිහි මඬල සැම ගෙ  අම්මා ........//


 

6 comments:

  1. හිතට දැනෙනවා

    ReplyDelete
  2. චන්දිමා...❤️June 21, 2021 at 10:14 PM

    මිහිමවට කවි සිතක කවි බැඳෙන අපූරුව...❤️❤️

    ReplyDelete
  3. https://www.facebook.com/100064604415464/videos/406469270900242

    ReplyDelete
  4. <iframe src="https://www.facebook.com/plugins/video.php?height=314&href=https%3A%2F%2Fwww.facebook.com%2F100064604415464%2Fvideos%2F406469270900242%2F&show_text=false&width=560&t=0" width="560" height="314" style="border:none;overflow:hidden"

    ReplyDelete

සංචාරයේදී හමු උන ඔබේ ගමනට සුබ පැතුම්, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ .