About Me

My photo
දනිමි මම මා නොවන වග, මට මා හමුනොවන සඳ, විනිවිදිමි ගණදුර, එළිය පහනක නොතිර බව තුළ.

Tuesday, April 17, 2018

# 17: සැපින්නගේ මිරි වැඩි

සඳුට වෙර කළ සැපින්නක ගැන - නයි කදුළු නැත යා උනේ
කිඳුරු පෙම ගැන සදෙව් ලොව  දුර - සොඳුරු පද වැල් ලිය වුනේ
අඳුරු අරණක සඳ සුයාමෙක - දඟර ගැහිලා සෙල උනේ
කින්නරාවක් නොව අදෝමැයි  - බස්සෙකුය ස්ථිර කළේ ...

සළෙලු කවියක  උමතු තනු  තුළ    - රඟපු  ළඳකගේ නෙරිපොටේ
හඳ එළිය මැද මිදුව වර පට - පෙමට උපමා නොම කළේ ..
පෙගුනු කෙහෙරැළි  ලයට බර උනි - දෙවිඳු හැර ගිය කෝවිලේ
අමතකව ගිය මිරිවැඩිය  ගැන - අරුම දෙස් තව බෝ කළේ ...

රනින් කළ මිරි වැඩිය හිස මත -දිදුළ මැණිකක පපු තුරේ
කළුම කළු නයි හැවක් එතුනලු - නුගේ පාමුල ගල් වලේ
නෙක යවුල් මැද පා තැබුව සඳ  - පා සලබ හැර ඝන  දුරේ
සැපින්නට මිරි වැඩි කුමට හෙට - අසනු කුමකට නුඹ සඳේ .... 


8 comments:

  1. Replies
    1. රස්තියාදු සහෝදරයා, බොහොම ස්තූතියි රසවිඳීමට සහ මේ පැත්තේ ආවාට

      Delete
  2. බොහොම ස්තූතියි තඩියා ඔබ නිතරම නිර්මාණ රසවිඳීම සහ දිරිමත් කිරීම සතුටක්

    ReplyDelete
  3. පද එකින් එක ශබ්ධ රසයත් සමගින් ලියැවුණු රස නිර්මාණයක්. සතුටුයි මෙවැනි නිර්මාණ කියවන්න ලැබීම.

    ජයවේවා!!!

    ReplyDelete
  4. බොහොම ස්තූතියි දුමී . ඔබේ දිරිගැන්වීමට . බොහොම ස්තූතියි දුමී . ඔබේ දිරිගැන්වීමට . ඔබටත් ජය වේවා !

    ReplyDelete
  5. ගීතයකට උචිත කාව්‍ය නිර්මාණයක්.ජය ඔබට

    ReplyDelete
  6. බොහොම ස්තූතියි ක්ෂේමභුමි දියණි . දවසක ගීතයක් ලියන්න උත්සහ කරන්නම්

    ReplyDelete

සංචාරයේදී හමු උන ඔබේ ගමනට සුබ පැතුම්, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ .