About Me

My photo
දනිමි මම මා නොවන වග, මට මා හමුනොවන සඳ, විනිවිදිමි ගණදුර, එළිය පහනක නොතිර බව තුළ.

Saturday, July 14, 2018

#20: කවි හිතක්

 ලිහිණු ගෙත්තම් අරන්
 කවි හිතක අරුමය සොයන්
නුඹ ආව ඉසිඹුව ඉතින්
 නිසල විල මැකුණා සැනින්

සිහින වික්කල් හදින්
 අවසාන සිතුවම ලෙසින්
මා අසල නොයිදින් ඉතින්
 සිත්තරුද සිහිනෙක නිදන්

කළු පාට දේදුනු අරන්
ඉඩෝරෙට යාදිනි කියන්
මහා වැස්ස දියවර අරන්
එනදාට වෙනතක් බලන්

රුදුරු නෑ කවුරුත් හදින්
 සොඳුරු නෑ කාලය නිතින්
කිඳුරු කවි කිව්වත් පෙමින්
සියොතුන්ට කුමකට වරල් ?

9 comments:

  1. සුන්දර නිර්මාණයක්

    ReplyDelete
  2. වරල් විතරක් නං වැඩක් නෑ තමයි හැබැයි කරමලුත් තියනවනං වැඩේ ගොඩ...

    ReplyDelete
    Replies
    1. එකනම් නියමයි. මම බොහොම කල්පනා කලා.කුරුල්ලෙකුටත් පිහිනන්න හිතෙන එක නිල් අහසට අභියෝගයක් නෙවෙයි . ස්තුතියි ලොකු මල්ලි තුමනි

      Delete
  3. අමුතුම රහක් පිරි නිර්මාණයක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ටික කාලෙකින් මේ පැත්තට ආවේ. බොහොම ස්තූතියි ඔබේ රස විඳීමට

      Delete
  4. Replies
    1. බොහොම ස්තූතියි ඔබේ රස විඳීමට

      Delete

සංචාරයේදී හමු උන ඔබේ ගමනට සුබ පැතුම්, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ .