About Me

My photo
දනිමි මම මා නොවන වග, මට මා හමුනොවන සඳ, විනිවිදිමි ගණදුර, එළිය පහනක නොතිර බව තුළ.

Friday, July 20, 2018

# 21 : සිංහල දෙමළ නොවුණු ගැහැණු කමේ කථාව














සති අන්තේ හෙට හින්ද - තලෙයි  මන්නාරම් යන්ට
දඬු මොණර නැති උඹට - පියාපත් නොමැති විට
තුන්වන පන්තියේ විඩාබර මැදිරි අග
එක අසුන යට කරන්  විසිපහක් සිටින රඟ

සිංහල කියපු ලේ - දොරගාව එකපාර
සිඳ ලන්න තතනද්දී - විලි බියත් එක පැහැර
සිංහල වෙච්ච මට  - සෙනෙහසින් මඟ   පෑව
රතු තිලක ඇන්ද නුඹ- අද මගේ සොයුරිය

දහඩිය පිරුණු වත - උණුසුමට හැඩ  කළ
නාස් අග කඩුක්කම - බත් කටට හිලවු කළ
තිදරුවන්  ඇකයේ ගෙන - පියෝවුරක තැවුල් හළ
නුඹේ ඇස් කෙවෙනි අග - හිනැහුණා මිනිස් කම

(සිංහල අකුරු ඇහින්දේ - දෙමළ කතාවක් කියන්න. අකුරු වලට නොතේරුණු  - ලෙයින් එකට බැඳුණු නිර්ධන පන්තියේ - උඹෙයි  මගෙයි කථාව . සිංහල දෙමළ නොවුණු ගැහැණු කමේ කථාව. ස්තූතියි සහෝදරී )

6 comments:

  1. අපූරුයි පොලියානා.
    මේක සථ්‍ය සිදුවීමක්ද ?

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුමී . ඇත්තටම ඊයෙ රෑ වෙච්ච සිදුවීමක්. ඇය කවදාවත් මෙය නොදකින බව මම දන්නවා. එත් ඇගේ ජාති , ආගම් , පන්ති බේදයෙන් ඔබ්බට ගිය දයබරබව ගැන, ශක්තිය ගැන සිතට දැනුනු ගෞරවය ඔබ හැමෝම එක්ක බෙදාගන්න හිතුවා

      Delete
  2. අපූරුයි. ඔබ වෙනදා ලියන රටාව ඒකාකාරී වෙමින් තිබුනා. මෙය අලුත්ම අත්දැකීමක්. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලොකු මල්ලි තුමනි. ඔබගේ අදහස් ලොකු දිරි ගැන්වීමක්.

      Delete
  3. අපූරු අත්දැකීමක්.

    ReplyDelete

සංචාරයේදී හමු උන ඔබේ ගමනට සුබ පැතුම්, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ .