සදාදර අසඩක් ,
හන්තාන පුරහඳ - රාහු ගිලගත් බව
අල්තාරය අභියස - මිමිණුවා මතකද
බිඳුණු හද අතින් ගෙන - ඉරුණු සළු පොටින් ඔබ
නිරුවත් ආත්මය - එළිකළා නුඹට මම
පස් වසක් ගත්තත් - උඹට නෑ හයියක්
පසදින්න කිසිවක් .......................
උඹෙයි අසරණකම - දිරිය ගැහැනියක ළඟ
සමච්චල් නොකරමිය - ඉතින් නුඹ හට තවත්
සිනහ පා නික්ම යමි - ඔබගේ ද්වාරයෙන්
මිළට ගෙන යුක්තිය - නොනමා හිස සිතින්
ඉතින් අපි සමු ගනිමු; මන්ද;
අවැසි මට සරසන්න
නුඹ සුදු කළ මගේ කෙස්
නෙක වර්ණයෙන්;
මඳ පවනක්ව හමන්නට පෙර
මීට ඔබේ අවංක,
පැමිණිලි කාරිය
(06 අගෝස්තු 2018)
Superb.... ☝️❤️
ReplyDeleteබොහොම ස්තුතියි අරූ
Deleteඅපූරු නිර්මානයක්.
ReplyDeleteජයවේවා!!!
බොහොම ස්තුතියි දුමී. ජය වේවා
Deleteඅන්ධ බව නොපෙනෙද
ReplyDeleteමහා මිනිසුන්ගේ
සෙයින් දෙවිවරු යන්නේ
නැමුණු පිට කොඳු මත දනන් ගේ
කුලියට ලබා ගත්
මෙතෙක් කල් නොබිඳුණු
අවි බලයෙන් පමෝදව
මෙතෙක් කල් නම් දිගු වුව
එය සදාකාලික නොවන්නේ.....
අහා බල මැන පෙරළිය
උදා වන යුගයකින් යුගයට
ලෝ වැසි දනන් නේ
එයම නොම වන්නෙද උදානය.....?
බොහොම ස්තුතියි ලොකු මල්ලි තුමණි,
Deleteශ්වෙතාම්බර පට අදත් - උන් අන්ද කරලා
පිට කොන්ද ළඟ වකක් - කුලියටම හැඳිලා
උණ්ඩ නැති ගිනි බටේ - ඉටි රෝස එතිළා
උදානය කොහිද සකි - ඒක රැප් කරලා ........