About Me

My photo
දනිමි මම මා නොවන වග, මට මා හමුනොවන සඳ, විනිවිදිමි ගණදුර, එළිය පහනක නොතිර බව තුළ.

Monday, September 24, 2018

# 23: විපරීත දෘෂ්ටිය

ඔබ සොඳුරු බව දකිමි
ඒ හඬින් ස්වර මවමි
සුවඳ විඳ නොවැලපෙමි
සුසුම් සුව විඳ ගනිමි ;

සසරමඟ සැරිසරමි
මිරිගුවක මඟ යදිමි
සංඛාර නොදැක  ඉමි
මුළාවක වසඟ වෙමි ;

පෙන පොදක සිරි දකිමි
හිමි දුකට පෙම් බඳිමි
විපිළිසර ලොව රැඳෙමි
නොමැති නුඹ සොයා යමි ......................

6 comments:

  1. අපූරුයි පොලියානා.

    ජයවේවා!!!

    ReplyDelete
  2. අපුරුයි පොලි...

    ReplyDelete
  3. පොලී ඉක්මනටම කියවන්ඩ පාවුලෝ කොයියෝ ගේ ඇල්කෙමිස්ට් පොත....

    ReplyDelete
    Replies
    1. මම පොත හොයනවා ලොකු මල්ලි තුමනි . ඉක්මනටම කියවන්නම්. ලොකු කුතුහලයක් ඇතිඋනා . ස්තූතියි

      Delete

සංචාරයේදී හමු උන ඔබේ ගමනට සුබ පැතුම්, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ .