About Me

My photo
දනිමි මම මා නොවන වග, මට මා හමුනොවන සඳ, විනිවිදිමි ගණදුර, එළිය පහනක නොතිර බව තුළ.

Saturday, March 30, 2019

#27: සමානයා

පළමුව මට මාද 
දෙවනුව මට නුඹද 
තෙවනුව නිවහනද 
අහිමිව ගිය සඳ;
සැරි සරමි ඔබ මොබ 
නොමළ, මළ මිනිසෙක්ව.
අහෝ කම් නැත ,
අහිමි වී ඇත, මීටත් වැඩි දෑ ...
එහෙයින්,
විඳිමි ..විනිවිඳිමි 
වික්ෂිප්ත වූ දසුන් .

5 comments:

  1. අපූරුයි....
    ජයවේවා!!!

    ReplyDelete
  2. බොහොම ස්තූතියි දුමී . ඔබටත් ජයවේවා

    ReplyDelete
  3. මම රේඩියෝ කවි වැඩසටහනක් කරනවා. ඔබ අවසර දෙනවා නම් මම ඔබේ කවි ඒකට ගන්න කැමතියි . ඔබේ විද්‍යුත් තැපෑල මට එවන්න. එවිට වැඩසටහන ගැනත්, කවි ප්‍රචාරය වූ පසු ඒවාත්, ඔබේ කවි වල ගායනා පිටපතුත් ඔබට එවන්න පුළුවන් . මගේ විද්‍යුත් තැපෑල anuruddhawe@yahoo.com

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි . ටික කලකින් මේ පැත්තට ආවේ. මම ඔබට email එකක් එවන්නම්

      Delete

සංචාරයේදී හමු උන ඔබේ ගමනට සුබ පැතුම්, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ .