සුවිසල් නිලඹර - පියාසලන සඳ
දුටිමි ඔබ පෙර දිනෙක
තුරු
වියන දෙබෑ කොට - අහසට නැගී උන් සැටි.
මා සිපගන්ටමඳ - ඇසුව සඳ හිනැහුනා;
ආදරය සැමට බව ...............
රැඳුනු මුත් සෙනෙහසින්
ඔබේ උර මත -සරතැස නිවන අරුමෙක
අරුණු යම නික්මුනා - සුලඟක වෙළෙන්නට .
රිදුම් පිරිපත -සදිසි මොහොතක
සොයා ආ අද දින
නුඹ නොමැති කෙම් බිම
දවයි මගෙ - කුරුළු හදවත
හුස්ම දුන් පෙර දින -කීවේද
මට දමා යන වග
හිඳින්නට ඔබ ළඟ - නොඑන බව කිව්වාද ..
කැරකෙමින් සීරුවෙන් -සොයන සඳ මුඩු කතර
තණ පතක් කෙඳිරුවා - ඔබේ අවසන් මොහොත;
මුවහත් පොරෝතල -කිඹුල් දත් කියත් තල
සිදින කළ තුමුල
ගත - පිරිසුදුම සුසුමන් - යලි යළිත් මුදාහැර
අවසන් මොහොත තෙක්
සෙවන දී -උන් හැමට
නික්ම ගිය සෙනෙහෙ රුක - ආදරෙයි මම නුඹට ......
🤗👌🥰
ReplyDelete