සුනිල් සයුරත සිබින හිරු
කිරණ තවත් දිනයක් උදා කළ මොහොතක හරිත පැහැයෙන්
බබලන මුහුදු තණ බිම් මැදින් ඇය නිදහසේ
පිහිනා ගියා. ඔයා දැන් කෑම ගන්න ඕනේ
අපේ පැටියටත් එක්කකමයි කියල කියන්න තාත්තෙක් ලග නොහිටියත් පුංචි පැටියා ගැන ස්නේහයෙන් පිරුණු ඇය මුහුදු තණ කුස පුරා අහරට ගත්තේ නොබෝ දිනකින්ම පැටියා කිරෙන් සනහන රිසියෙනුයි. ඔව් . ඒ තමයි මගේ මව . මවකගේ ආදරය
මෙහි සිට බටහිර දෙසට නෙත් යොමන්න. විල්පත්තු ජාතික වනෝද්‍යාන
මායිමට 30 km නුදුරින් මුහුදු තෘණ පිරුණු නොගබුරු
මුහුදු තීරය මගේ නිවහනයි. මව මගේ උපත බලාපොරොත්තුවෙන්
සිටින අතරේ තමයි දළ දියරලකට මැදි වී ඉන්දියාවත්
ලංකාවත් අතර ඇති පෝක් සමුද්‍ර සන්දියේ සිට ගසා
ගෙන ආවේ .
බබළන නීල දියබ කිසිදා නොදුටුවත්
උනුසුම්මුහුදු රල පහස මව් කුස සිට නිරතුරුව වින්දෙමි. ඒ සොදුරු අත්දැකීම විදිමින් මව
සමග එකට පිහිනන දිනය එනතුරු සිහින දුටුවෙමි . නොගබුරු තෘණ බිම් අතර සරමින් එක්බිති
ගැබුරට කිමිදෙන අපි, හුස්මක් ගන්නට නිරතුරුවම
දිය මතුපිටටට් විත් ක්ෂණයෙන් කිමිදෙන බව ඔබට රහසක් විය හැකියි. ඇත්තමයි. එත් ඔබ වගේම
කිරි බී වැඩෙන හුස්ම ගන්න අපි ප්‍රනීත ආහාරයක්
විදියට සළකන බව නම් හරිම බියකරුයි. අවාසනාවට
දීවරයින්ගේ දලට අසු වන අපි හුස්ම ගන්නට මතු පිටට එන්නට බැරිව මියැදෙන හැටි හරිම දුක් බරයි.
එදා උඳුවප් මාසේ අරුම දවසක්. හිරු මල මොහොතකට වළා කුලක සැගවුනා. ඇගේ බිය මුසු ඉකි බිදුම සුළගේ සැගවී ගියා. මගේ අම්මා මාලු දලකට අහුවුණා. මා ගැන දුකින් බියෙන් සැළෙන ඇගේ හදවතේ වේදනාව මට දැනුණා. අපේ හිත වල බියා එකට යාවුණා. අවසන් හුස්ම හෙළන්නට පෙර ඇය දිරිය ගත්තා ඇගේ කුසින් මා මුදා හැර මගේ ජීවිතය බේරාදෙන්නට. නමුත් අපේ ඉරණම කාරුණික උනේ නැහැ .
පෙකෙනි වැලෙන් තවමත් යාවි පාවෙමින් තිබුනුඅපගේ නිසල සිරුරු ඔබට හමුඋනා . මම අපේ කතාව ඔබට කියන්නේ, වදවී යමින් සිටින මගේ නෑයින් වෙනුවෙන්, සුනිල් දියබේ සරන්නට සිහින දකින නුපන් පැටවුන් වෙනුවෙන්.
“අපව ආරක්ෂා
කරන්න. අපිව ආහාරයට ගන්න එපා. අපි වෙනුවෙන් අපගේ සාගර නිවහන රැක දෙන්න.
සමුගන්නම්”
No comments:
Post a Comment
සංචාරයේදී හමු උන ඔබේ ගමනට සුබ පැතුම්, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ .