පෙර යම් දිනෙක;
මම ඔබ දුටිමි
දුටු බව හැගුණි.
සිත්තම් කළෙමි,
මා දුටු ඔබ
කිරීටක ධමනි මත
සෙවණැලි නොපෑගුණ -නිහඬ මැදියම.
වීය ඔබ සඳ එළිය -හමු වන තුරා අප දෙදෙන
එකම එක වහළ යට.
මම මාම වී - ඔබ ඔබම වී
අප අපම වී .......එනමුදු;
ඔබ දුටු මමත් - මම දුටු ඔබත්
කවුරුන්ද උන් දෙදෙන ?
විමතියෙන් විමසමි
අප අපේ වූ ඉක්බිති,
රැදෙන මුදු ඔබ අසළ නිඹදව
නොහැකි සඳ හමුවන්න ඔය සිත
සිහිනයෙක සිහි
කරමි උන් ගැන
No comments:
Post a Comment
සංචාරයේදී හමු උන ඔබේ ගමනට සුබ පැතුම්, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ .