About Me

My photo
දනිමි මම මා නොවන වග, මට මා හමුනොවන සඳ, විනිවිදිමි ගණදුර, එළිය පහනක නොතිර බව තුළ.

Sunday, April 24, 2022

# 36: නෑ එහෙම නෙමෙයි

 




ගඟ දෑල නුඹයි..............

ගං පතුළ මමයි;

නිහඬ දියේ , සැඩ  සුළි මවනා .....................

හිරු මඩළ නුඹයි.............

ඉටි පහන මමයි -

නිවි නිවි දැවෙනා , දැවි දැවි නිවෙනා ..............

මහා වැස්ස නුඹයි ............

පොද වැස්ස මමයි,

රේණු වටින් මල් පෙති සිඹිනා .............

මිහි මඬල නුඹයි ..............

සඳ වතිය මමයි ,

අමාවකදි  ඔබ ළඟ නිදනා …………

මගෙ සෙනෙහෙ ඔබයි .... ....

සෙනෙහස  මමමයි,

උණු කදුළක .....ඉකි.. බිඳිනා ............

2 comments:

  1. " මගෙ සෙනෙහෙ ඔබයි
    සෙනෙහස මමමයි"

    අන්තිමට බැලුවොත් ආදරේ කියන එකේදි අපි අපිට(තමන් තමන්ට) මයි ආදරේ කරල තියෙන්නෙ කියලා මං අහලා තියෙනවා.....

    මේකත් ඒඅදහසින් ලියවුණ පද පෙලක් ද?

    ReplyDelete
  2. ඔයා හරියටම හරි නවීන් . ඒ ක තමයි "සෙනෙහස මමමයි, උණු කදුළක .....ඉකි.. බිඳිනා " කියල කියන්නේ

    ReplyDelete

සංචාරයේදී හමු උන ඔබේ ගමනට සුබ පැතුම්, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ .