About Me

My photo
දනිමි මම මා නොවන වග, මට මා හමුනොවන සඳ, විනිවිදිමි ගණදුර, එළිය පහනක නොතිර බව තුළ.

Sunday, July 3, 2022

#37: වෙනස

 


උඹ වෙනස් , මම වෙනස් - ඉඳුරාම හරි වෙනස්

ආදරෙන් බැඳුණාට - සිතන හැටි වුව වෙනස්

පොරොන්දම් විස්සෙනුත් - පහක් ගැන උනි  දොසක්

එකට සිටි පෙර දිනත් - වැහි කවියකිය නොදත්

 

විපිළිසර සිත මැදත් - සිතුවේම මම අදත්

සිංහයෙක්  , වෘෂභයෙක් - එක ලඟම  රථ දෙකත්;

කල්ප සහසක් ගොහින් -උන් තවම එක ලඟත්

කොහොම බැලුවත් හෙටත් -නැතිද උන්  හරි වෙනස් ?

2 comments:

  1. වෙනස් නැත්තෙ මොනවද?
    අපිට ඒ වෙනස්කම් ඇතුලෙම සමානකම් (common ground) හොයාගන්න පුලුවන් නම් ඒක ගොඩක් වටින දෙයක් වේවි🤓😇

    ReplyDelete

සංචාරයේදී හමු උන ඔබේ ගමනට සුබ පැතුම්, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ .