පුරහඳ පාන වෙසඟේ නැඟ එන සන්ඳා
හෙමිහිට හමයි පවනත් මල් සුණු රන්දා
මෝසම් වැස්ස වහිනා මුදු නොනවත්වා
කළුසිත් වසා සුදු පැහැ සිල් රෙදි ඇන්දා...............
පෙහෙවස් නැමද -වේරමණී සිල්පද මුමුණා
බුදුබණ අසන රිසියෙන් මම ලත වූවා ...
කවි බස ඇසෙන විට අග තාලය තිබ්බා
හිමිනම ගයන්නේ මෙනවද හිත ඇසුවා ..........
සිංහල බොදුන් ලොව පරසිඳු බව පෑවා
පුටින් ලොවෙහි දියසෙන් යැයි මුරගෑවා
මුස්ලිම්පවුරු බිඳුමට නැගිටිනු කිව්වා
දරුවන් බුරුතු මෙලොවට ගෙන එනු දෙසුවා .........
පේරා ඉඳල යුනියන් කළ බව කිව්වා -සසුනට අවුත් කළ මෙහෙවර පැවැසුවා
වැටුපක් නොගෙන කල සේවය දිස්වීලා - දායක දායිකා යුතුකම මතුවූවා ...
දෙව් ලොව වඩින්නට කාලය ඇති සන්දා- තව දේශන රැසක් ඇත ශෙඩියුල් වීලා
රථයට නැගී ඉගිලෙන්නට පෙර කැන්දා - ඇසුවා මගෙන් බන හොඳ මදිදැයි නන්දා ..?
සම්මුති ලෝකයේ -රඟ බිම රෑ චායා
පටියෙන් බැඳෙන ගතියක -නගතිය සොයනා,
බුදුහිමි කොතැන දෙසුවද මේ- බණ මායා
මගේ පිරි අපිරි ගැන -බිම හිඳ , කවි ලීවා………………..
අදහස අගෙයි. කෙලින්ම කීමත් හොඳයි.
ReplyDeleteබොහොම ස්තූතියි අදහසට
Deleteපට්ට!
ReplyDeleteබොහොම ස්තූතියි දිරිමත් කළාට
ReplyDelete