About Me

My photo
දනිමි මම මා නොවන වග, මට මා හමුනොවන සඳ, විනිවිදිමි ගණදුර, එළිය පහනක නොතිර බව තුළ.

Tuesday, December 19, 2017

#03:
නීතියේ දෙවගන - නුබළු පැහැසරා
අබිසරුලියක් කළේ - උන්මයි උවසරා

කළු කබා පළුවක් - ඇන්දාට  විළිවසා
නෙරා ආ නිරුවත - නුබට ඔච්චම් කළා

උන් උබේ ඇස් බැන්ද - පට පිළි මෘදු නිසා
පැහැදිළිව නොපෙනුණත් - හිරි ඔතප් බිලි උණා
ප්‍රමොදේට පෙගී ගිය - මොණර කොළ ගැන සිතා

සමුහික රමණයක් - උසාවිය නිමකළා 

1 comment:

  1. අසරණකම .....මොනර කොළ,අන්ධ රෙගුලාසි අසල අසරණ වන තරමක මහත,එය දන්නේ එය විදි කෙනෙක්ම පමණයි,බොහොම අගේ ඇති නිර්මාණයක්,මගේ ප්‍රියතම කීවොත් නිවරිදියි

    ReplyDelete

සංචාරයේදී හමු උන ඔබේ ගමනට සුබ පැතුම්, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ .