About Me

My photo
දනිමි මම මා නොවන වග, මට මා හමුනොවන සඳ, විනිවිදිමි ගණදුර, එළිය පහනක නොතිර බව තුළ.

Tuesday, December 19, 2017

# 02:

පළතුරු පළග හැරදා ආමි
දැදුරු  හදවත දෝතින්  පුදමි.
පරසතු කුසුම් නොගසා ආමි
ගිනිගත් සුසුම් ගවසා හිඳිමි.

සුදුවන්  සේල කළු පැහැ ගැහුණි
රත් පැහැ සලබ පොරවා හිඳිමි.
ගිනියම් අඟුරු මඟහැර ඇදෙමි
රත් පැහැ  යවට සියොළඟ සැලුනි

නීතියේ  වෙසගන    අතැර ඔබ වෙත ආමි
නීතියෙන්  යදම් කළ බැඳුම ගැන පළි ගසමි
තෙද බලැති විකුමැති දෙවොල  අබියස ඉදිමි  

සදෙව් ලොව දෙවියනේ ඉදිරියට එනු මැනවි

No comments:

Post a Comment

සංචාරයේදී හමු උන ඔබේ ගමනට සුබ පැතුම්, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ .