About Me

My photo
දනිමි මම මා නොවන වග, මට මා හමුනොවන සඳ, විනිවිදිමි ගණදුර, එළිය පහනක නොතිර බව තුළ.

Tuesday, January 23, 2018

# 09: දැනීම, දැකීම සහ හැඟීම

කසාවත සුදුවත - කමටහන් දුටු කළ
මම නොපවතින බැව් දනිමි
දුකක් නැති විරාගී .....
මොහොත ක්ෂණයක දකිමි
නමුදු තව නිමේශෙක
පාට පිරි සිතුවමක
අරුම දැක සසල වෙමි
සුදුවත මුදාලමි ……..
ජිවිතේ දැහැන් ගත
සදාතන විරාමෙක

මම සිටින බව හඟිමි


5 comments:

  1. ස්තූතියි මාතලන්. ඇත්ත ඒක තමයි නේද පුද්ගලනු බද්දව එක එක නැවතුමක දෝලන කාලය වෙනස් උනත් අපි හැමෝම ඔය දැනීම , දැකීම සහ හැංගීම තුළ ජීවත් වෙනවා කියලයි මට හිතෙන්නේ

    ReplyDelete
  2. හ්ම්ම්ම් සසල සිතක අරුමය

    ReplyDelete
  3. සිතක අරුමය නේද සඳ වති.හ්ම් හ්ම්ම්

    ReplyDelete

සංචාරයේදී හමු උන ඔබේ ගමනට සුබ පැතුම්, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ .