About Me

My photo
දනිමි මම මා නොවන වග, මට මා හමුනොවන සඳ, විනිවිදිමි ගණදුර, එළිය පහනක නොතිර බව තුළ.

Wednesday, January 31, 2018

# 11: ව්‍යාකුල මී හරකාගේ කථාවස්තුව


සැදැවේ මඩ වලක් දුටුවෙමි - ගස් ගොමුවෙ මනරම් 
රැළි නගා මට ඉඟි කළා දිය - ගිලීලා බලපන් 
එත් ඈතින් වල අයිති මහ - නැඩා දුටුවෙමි මං 
මග හැරලා වල ඉවත ඇදුනෙමි -ඌට සුබ පතමින් 

තවත් දවසක දවල් වරුවක - හිටිය මම තනියෙන් 
කළුම කළු මඩ  පිරුණු දියවල - ඉස්ස මඩ රහසින් 
මගේ සිතුවිළි ඇවිස්සූ වල- කිව්වා මට මෙලෙසින් 
දුරින් හිටපන්, හිදිමුකෝ අප - සකි සඳුන් විලසින් 

වියළි වන ගැබ සිසිල සොයමින්- සැරුවා මන් රහසින් 
නෙළුම් පිරි විල හිනැහුනා මට - මාව මත් කරමින් 
මඩේ සැප  මිස නෙළුම කුමකට - සිහිවුණා විගසින් 
මඩ නොකර විල පිට උනා මම - මගේ හිස ගසමින් 

මඩේ වැතිරී නගුට වනමින් - කෙළිති සමහර උන් 
එක වලක නොව- දෙක තුනක සැප - සොයති මී හරකුන් 
වලක් නැති යයි තප්පුලති තව - බානේ බැඳී හරකුන් 
විපිළිසර වෙමි සඳට දෙස් දෙමි - තෙමෙන නොතෙමෙන මන් .........

5 comments:

  1. නෑම මී හරක් ගතියකි
    නොනෑම එලෙසමය සොයුරි
    දහ් ටොහ් ටොහ් දහ් ටොහ් ටොහ්
    නොනෑ ලෙසට යන නෑ අය
    දැක්කම හරි ජොලි සන්දිරි
    දහ් ටොහ් ටොහ් දහ් ටොහ් ටොහ්
    නෙළුම දනියි මඩ නෑ බව
    සිහ නරි සා සියල්ලන්ද
    දහ් ටොහ් ටොහ් දහ් ටොහ් ටොහ්
    උන් ඉන්නේ කට පියාන
    මී හරකෙක් නිසාය සකි
    දහ් ටොහ් ටොහ් දහ් ටොහ් ටොහ් ඩ්රූම්......!

    ReplyDelete
  2. කට්ටකඩුවේ ලොකු මල්ලී
    කවිය ඔබේ හරි සුපිරී
    මඩ නෑ සිහ නරි හැංගී
    කීම අම්බරු හට කින්ඩි ......

    ReplyDelete
    Replies
    1. සිංහය වෙයි කැලේ රජා
      නරියා අමු කපටි සතා
      දහ් ටොහ් ටොහ් දහ් ටොහ් ටොහ්
      උන් නෑවට නොනෑ බවයි
      කැලේම පිළිගන්නෙ පොලී
      දහ් ටොහ් ටොහ් දහ් ටොහ් ටොහ්

      Delete
  3. ස්තූතියි සඳවතී රස වින්දාට සහ මේ පැත්තේ ආවාට

    ReplyDelete

සංචාරයේදී හමු උන ඔබේ ගමනට සුබ පැතුම්, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ .