About Me

My photo
දනිමි මම මා නොවන වග, මට මා හමුනොවන සඳ, විනිවිදිමි ගණදුර, එළිය පහනක නොතිර බව තුළ.

Saturday, January 6, 2018

                                                            # 05: පැමිණිලි කාරියගේ හර්ද ශාක්ෂිය

රන් මුදුව මුදාළෙමි - ලොව සිනාසෙනු දුටිමි
තැල්ල ගෙන විසි කළෙමි - සරදම් කන වැකුණි
කඳුළු තිර පිස බැලීමි - නිරුවත් ලොව දුටිමි
මදහසක් මුව නැගුණි - මමද මා හමුඋනෙමි

ශයිලොක්ට වසඟ වෙමි
බෘටස්ට ඇප බඳිමි
විනිසුරුට පෙම් කරමි

මුන් හැමට සිනාසෙමි


20 comments:

  1. Replies
    1. ඔබේ ඇගයීමටත්, මගේ නිර්මාණය එක්කලාටත් බොහොම තුති

      Delete
  2. යථාර්ථය පෙන් වූ අපූරුව

    ReplyDelete
  3. මාතලන් හරහා පැමිණියෙම් විඳවන්නැතිව වින්දෙමි

    ReplyDelete
    Replies
    1. ඒ යථාර්තයට මුහුණ දීමේ අ/සුන්දර අත්දැකීම විදවීමකින් තොරව විදීමයි වැදගත්. බොහොම ස්තුතියි මාතලන් සහ ඔබට

      Delete
  4. මාතලන් අයියාගේ පාරේ ආවේ... නිර්මාණ වගේම බ්ලොග් එකත් හරිම ප්‍රියමනාපයි පොලියානා...

    ReplyDelete
  5. බොහොම ස්තුතියි බුද්ධිකා

    ReplyDelete
  6. මරු. මාත් ආවේ මාතලන් පෙන්නපු පාරෙන්..

    ReplyDelete
  7. හොඳ බ්ලොග් එකක්. මාත් ආවේ මාතලන් පෙන්නපු පාරෙන් X 2

    ReplyDelete

සංචාරයේදී හමු උන ඔබේ ගමනට සුබ පැතුම්, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ .