About Me

My photo
දනිමි මම මා නොවන වග, මට මා හමුනොවන සඳ, විනිවිදිමි ගණදුර, එළිය පහනක නොතිර බව තුළ.

Saturday, January 27, 2018

# 10: කියා ලෝකය මරා දැම්මා මියෙන නොමියෙන මං

දිනෙක ගණදුරු රැයක් විය සඳ, කුමරි නෑ රැගුමන්
අමාවක බව සිහිකලා සිත ශීත පවනල්ලෙන්
අහස් ගැබ කොන දිලුනු තරු මල ඉඟි කළා  හොරැහින්
සඳු නොමැති යම , සිටින බව පැවසුවා රහසින්

හිරු  නැගෙන යම තබර විල පිපි රනින් කළ පියුමන්
විහඟ ගී මැද බිඟුට පෙම් බැඳ නගති හද කැලුමන්
රැයේ පිබිදුණ  කුමුදු මලකගේ  හිරු දකින පෙරුමන්
බිඳී හැඬුවා ඉකිගසා ඇය අතැර හද පැතුමන්

සෙනෙහෙබර හිමි හුයෙන් බැඳී සොඳුරුතම බිරියන්
මධුර සිහිනෙක සිතුම්  පැහැසර නගයි හසරැල්ලෙන්
කෝල  නෙතු අඩවන් කළේ  මා නුරා  පිරි සිතකින්

කියා  ලෝකය මරා  දැම්මා මියෙන  නොමියෙන මං

2 comments:

  1. අවසාන පේළිය අමුතු ලස්සනක්

    ReplyDelete
  2. හරිම සතුටුයි ඉයන් ඔබ එය හදුනා ගත්තාට. කවිය එතනයි. අනෙක් සියල්ල පසුබිම පමණයි

    ReplyDelete

සංචාරයේදී හමු උන ඔබේ ගමනට සුබ පැතුම්, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ .