එකතු කරමි මම,
බිඳී විසිරුණු යමක් ,
හැම කැබැල්ලකම
සුන්දර මතකයක් සැඟව ගත්.
තබමි එකිනෙක ප්රවේශමෙන් එකමත එක
වේව්ලන අතැඟිලි තුඩින්
තනන්නට යළිත්
කින්ට්සුගි බඳුනක්ව
ගෙනයමි ඇඟිලි තුඩු
වියැකෙන දාර මතින්
පිරියම් කරන්නට
ලිහී ගිය හැඩ තල
රනින්, රිදියෙන් , ප්ලැටිනම් වලින් ;
නමුදු නොබැඳේ කිසිත්,
පෙරලෙස යළිත්.
හඬමින් සිනාසෙමි
උමතු වූ ජීවිතය ගැන
ඉතිරි වී නැති කිසිත්
කළුපාට නිහඬ බව හැර.


No comments:
Post a Comment
සංචාරයේදී හමු උන ඔබේ ගමනට සුබ පැතුම්, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ .