එකතු කරමි මම,
බිඳී විසිරුණු යමක් ,
හැම කැබැල්ලකම
සුන්දර මතකයක් සැඟව ගත්.
තබමි එකිනෙක ප්‍රවේශමෙන් එකමත එක
වේව්ලන අතැඟිලි තුඩින්
තනන්නට යළිත්
කින්ට්සුගි බඳුනක්ව
ගෙනයමි ඇඟිලි තුඩු
වියැකෙන දාර මතින්
පිරියම් කරන්නට
ලිහී ගිය හැඩ තල
රනින්, රිදියෙන් , ප්ලැටිනම් වලින් ;
නමුදු නොබැඳේ කිසිත්,
පෙරලෙස යළිත්.
හඬමින් සිනාසෙමි
උමතු වූ ජීවිතය ගැන
ඉතිරි වී නැති කිසිත්
කළුපාට නිහඬ බව හැර.


කින්ට්සුගි බඳුන කියන්නේ මොකක්ද?
ReplyDeleteරන් රේඛා වලින් ඇලවූ පැරණි බිඳුණු බඳුනක්. ජීවිතය පිළිබඳ ගැඹුරු දැනීමක්
Deleteමෙහි බිඳුණු බඳුන යනුවෙන් සංඛ්තවත් කරන්නේ කන්යාබාවය නැති කරගත් අවිවාහක තරුණිය.
ReplyDeleteඒකයි රූකාන්ත කිව්වේ බිඳුණු බඳුන ඕනී වෙන්නේ නැහැ කියලා
ස්තූතියි ඔබේ අදහසට . නමුත් මෙය කන්‍යාභාවයට ලගුකිරීමට වඩා සමස්ථ ජීවීතය අදහස් කරනවා. සියලු දේ (භෞතික සහ සියළුම අධ්‍යාත්මික). එසේම කාන්තාවක් හෝ පිරිමියෙක් කියන කාරණය අදාළ නැහැ
Delete