About Me

My photo
දනිමි මම මා නොවන වග, මට මා හමුනොවන සඳ, විනිවිදිමි ගණදුර, එළිය පහනක නොතිර බව තුළ.

Sunday, February 22, 2026

#43: කින්ට්සුගි බඳුන

එකතු කරමි ම,

බිඳී විසිරුණු යමක් ,

හැම කැබැල්ලකම
සුන්දර මතකයක් සැඟව ගත්.
තබමි එකිනෙක ප්රවේශමෙන් එකමත එක
වේව්ලන අතැඟිලි තුඩින්
තනන්නට යළිත්
කින්ට්සුගි බඳුනක්ව
ගෙනයමි ඇඟිලි තුඩු
   වියැකෙන දාර මතින්
පිරියම් කරන්නට
ලිහී ගිය හැඩ තල
රනින්, රිදියෙන් , ප්ලැටිනම් වලින් ;
නමුදු නොබැඳේ කිසිත්,
පෙරලෙස යළිත්.
හඬමින් සිනාසෙමි
උමතු වූ ජීවිතය ගැන
ඉතිරි වී නැති කිසිත්
කළුපාට නිහඬ බව හැර.

4 comments:

  1. කින්ට්සුගි බඳුන කියන්නේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. රන් රේඛා වලින් ඇලවූ පැරණි බිඳුණු බඳුනක්. ජීවිතය පිළිබඳ ගැඹුරු දැනීමක්

      Delete
  2. අජිත් ධර්මකුමාරFebruary 26, 2026 at 11:37 PM

    මෙහි බිඳුණු බඳුන යනුවෙන් සංඛ්‍තවත් කරන්නේ කන්‍යාබාවය නැති කරගත් අවිවාහක තරුණිය.

    ඒකයි රූකාන්ත කිව්වේ බිඳුණු බඳුන ඕනී වෙන්නේ නැහැ කියලා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ අදහසට . නමුත් මෙය කන්‍යාභාවයට ලගුකිරීමට වඩා සමස්ථ ජීවීතය අදහස් කරනවා. සියලු දේ (භෞතික සහ සියළුම අධ්‍යාත්මික). එසේම කාන්තාවක් හෝ පිරිමියෙක් කියන කාරණය අදාළ නැහැ

      Delete

සංචාරයේදී හමු උන ඔබේ ගමනට සුබ පැතුම්, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ .