About Me

My photo
දනිමි මම මා නොවන වග, මට මා හමුනොවන සඳ, විනිවිදිමි ගණදුර, එළිය පහනක නොතිර බව තුළ.

Sunday, April 24, 2022

# 36: නෑ එහෙම නෙමෙයි

 




ගඟ දෑල නුඹයි..............

ගං පතුළ මමයි;

නිහඬ දියේ , සැඩ  සුළි මවනා .....................

හිරු මඩළ නුඹයි.............

ඉටි පහන මමයි -

නිවි නිවි දැවෙනා , දැවි දැවි නිවෙනා ..............

මහා වැස්ස නුඹයි ............

පොද වැස්ස මමයි,

රේණු වටින් මල් පෙති සිඹිනා .............

මිහි මඬල නුඹයි ..............

සඳ වතිය මමයි ,

අමාවකදි  ඔබ ළඟ නිදනා …………

මගෙ සෙනෙහෙ ඔබයි .... ....

සෙනෙහස  මමමයි,

උණු කදුළක .....ඉකි.. බිඳිනා ............