About Me

My photo
දනිමි මම මා නොවන වග, මට මා හමුනොවන සඳ, විනිවිදිමි ගණදුර, එළිය පහනක නොතිර බව තුළ.
Showing posts with label මට හිතෙන හැටි ...... Show all posts
Showing posts with label මට හිතෙන හැටි ...... Show all posts

Friday, December 11, 2020

# 31: මම මිමි .

 


සුනිල් සයුරත සිබින හිරු කිරණ තවත් දිනයක් උදා කළ මොහොතක හරිත පැහැයෙන්  බබලන මුහුදු තණ බිම් මැදින් ඇය නිදහසේ   පිහිනා  ගියා. ඔයා දැන් කෑම ගන්න ඕනේ අපේ පැටියටත් එක්කකමයි කියල කියන්න තාත්තෙක් ලග නොහිටියත් පුංචි පැටියා  ගැන ස්නේහයෙන් පිරුණු ඇය මුහුදු තණ  කුස පුරා අහරට ගත්තේ නොබෝ දිනකින්ම පැටියා  කිරෙන් සනහන රිසියෙනුයි. ඔව් . ඒ තමයි මගේ  මව . මවකගේ ආදරය

මෙහි සිට  බටහිර දෙසට නෙත් යොමන්න. විල්පත්තු ජාතික වනෝද්‍යාන මායිමට  30 km නුදුරින් මුහුදු තෘණ පිරුණු නොගබුරු මුහුදු තීරය මගේ නිවහනයි. මව මගේ  උපත බලාපොරොත්තුවෙන් සිටින අතරේ තමයි දළ දියරලකට මැදි  වී ඉන්දියාවත් ලංකාවත් අතර ඇති පෝක් සමුද්‍ර සන්දියේ සිට ගසා  ගෙන ආවේ .

බබළන නීල දියබ කිසිදා නොදුටුවත් උනුසුම්මුහුදු රල පහස මව් කුස සිට නිරතුරුව වින්දෙමි. ඒ සොදුරු අත්දැකීම විදිමින් මව සමග එකට පිහිනන දිනය එනතුරු සිහින දුටුවෙමි . නොගබුරු තෘණ බිම් අතර සරමින් එක්බිති ගැබුරට   කිමිදෙන අපි, හුස්මක් ගන්නට නිරතුරුවම දිය මතුපිටටට් විත් ක්ෂණයෙන් කිමිදෙන බව ඔබට රහසක් විය හැකියි. ඇත්තමයි. එත් ඔබ වගේම කිරි බී වැඩෙන හුස්ම ගන්න  අපි ප්‍රනීත ආහාරයක් විදියට සළකන බව නම් හරිම බියකරුයි. අවාසනාවට  දීවරයින්ගේ දලට අසු වන අපි හුස්ම ගන්නට මතු පිටට එන්නට  බැරිව මියැදෙන හැටි හරිම දුක් බරයි.

එදා උඳුවප් මාසේ  අරුම දවසක්. හිරු මල මොහොතකට වළා  කුලක සැගවුනා. ඇගේ බිය මුසු ඉකි බිදුම සුළගේ සැගවී ගියා. මගේ  අම්මා මාලු දලකට අහුවුණා. මා ගැන  දුකින් බියෙන් සැළෙන ඇගේ හදවතේ  වේදනාව මට දැනුණා. අපේ හිත වල බියා එකට යාවුණා. අවසන් හුස්ම  හෙළන්නට පෙර ඇය දිරිය ගත්තා ඇගේ කුසින් මා මුදා හැර මගේ ජීවිතය බේරාදෙන්නට. නමුත් අපේ ඉරණම කාරුණික උනේ  නැහැ .

 

පෙකෙනි වැලෙන් තවමත්  යාවි පාවෙමින් තිබුනුඅපගේ නිසල සිරුරු ඔබට හමුඋනා . මම අපේ කතාව ඔබට  කියන්නේ, වදවී යමින් සිටින මගේ නෑයින් වෙනුවෙන්, සුනිල් දියබේ සරන්නට සිහින දකින නුපන් පැටවුන් වෙනුවෙන්.

“අපව ආරක්ෂා  කරන්න. අපිව ආහාරයට ගන්න එපා. අපි වෙනුවෙන් අපගේ සාගර නිවහන රැක දෙන්න.

 සමුගන්නම්”

 

Friday, January 19, 2018


#07: ගෙම්බියකගේ  සිතුවිළි

"මේ ඔබේ දරුවන්. කොහෙත්ම නැහැ . ඔවුන් ඔබේ නොවේ. ඔවුන් බිහි උණේ ඔබෙන් නොවේ, ඔබ තුළින්. ඔවුන් ඔබ සමග සිටියත් ඔවුන් ඔබට අයිති නැහැ.. ඔවුන්ට ඔවුන්ගේම ජීවිතයක් තියෙනවා. දරුවන්ගේ අදහස් හෙට, නම් වූ ගෘහයෙහි පදිංචිව ඇති. එහි යන්නට ඔබට පූළුවන්. ඔබ ඔවූන් හා සමාන වීමට උත්සාහ කරන්න. එහෙත් ඔවූන් ඔබට සමාන කරන්නට උත්සාහ නොකරන්න."~ ඛලීල් ජිබ්රාන්

“අම්මි මට දුක හිතෙනවා.එහෙම කියන්න එපා. ඔයා මගේ.” මම ඛලීල් ජිබ්රාන්ගේ බරපතළ අදහස තේරෙන සිංහලෙන් කියල දෙන්න වලිකනකොට නම හැවිරිදි පුන්චිඑකි කිව්වේ එහෙමයි. හැබැයි එයා කිව්වෙත් මම එයාගේ කියලා මිස එයා මගේ කියල නෙමෙයි. හ්ම්ම්.

ඛලීල් ජිබ්රාන්ගේ මේ විග්‍රහය කොතරම් නිවැරදි දැයි දැනෙන්නේ අද වැඩිහිටියන්, ගුරුවරුන්, දෙමවූපියන්ව සිටින අප දරුවන් සමඟ කටයූතු කරද්දී කෙතරම් ප්‍රගතිගාමිදැයි සිතෙන විටයි.

ඒ පුංචි සිත් කොඉ තරම් අපූර්වද කියලා ඔබ හිතල බැලුවද? සම්ප්‍රදායික බලාපොරොත්තු වලින් ඔබ්බට පියාසලන ඒ සිහින එක්ක පියබන්න අපටත් හැකිනම් . ඒ සංවේදී බවට සුසර වෙන්න. බයිබයිගා යකින්නගේ කොස්සේ නැගිලා අහසින් යන්න. එල්සයි අනයි එක්ක හිම බෝල ගහගන්න, පට්ට විදිහට ඉර පායලා තියෙන අහසේ හිම වැස්සක් මතුවෙනකම් බැල්කනියේ ඉදන් සබන් බෝල පා කරන්න. එක මොහොතකට, හෝරාවකට ඔවුන් වෙන්න හැකිනම් ජීවිතේ විදින්න ඔබටත් හැකිවේවි.

“එත් තාත්තට වැඩියෙන් ආදරේ අය අත් උස්සන්න. අම්මට වැඩියෙන් ආදරේ අය අත් උස්සන්න” කියල ගුරුතුමිය අහන වෙලේ ඒ පුංචි හිත් උත්තර දෙන්නේ අවංකවම. මනෝ විද්‍යා පාඩමෙ කරුණු වලින් පුංචි අයට දමා ගසන්න කලින් ඔවුන් අදුරගන්න කියල ආදරණිය ගුරුතුමියන්ට මතක් කරන්න වෙලාද ?. සමහර පුංචි දරුවෝ අම්මගේ ත්ත්තගේ ආදරේ විදින්නේ සිහින ලෝකෙදි. එත් සමාජය ඉදිරියේ සමාජය බලාපොරෝත්තුවෙන අම්මගේ අප්පච්චිගේ ප්‍රතිබිම්බය රැක දෙන්න ඔවුන් උත්සහ කරන බව අපි හිතනවද?

ගැහැණු ළමයි අප්පච්චිට සමිප වෙන්න ඕනේ. පිරිමි ළමයි අම්මට සමිඉප වෙන්න ඕනේ කියල හඬ දෙන ගුරුතුමියට සමහර ඇස් වල දිලිසෙන කඳුල තෙරු ම් ගන්න තරම් සංවේදී බවක් නැහැ . පවුල් සංස්ථාව ශක්තිමත් වූ පමණින් සාර්ථක දරුවෙක් බිහිවෙන බවට උදම් අනන වැඩිහිටියෝ, පුජක උතුමන් බිඳුණු බැදීමකින් ලැබෙන පන්නරයෙන් නිදහස් දරුවෙක් ගොඩනැගෙනවා දකින්න සූදනම් නෑ . එත් ඇයි අපි සිමා ඇතුලේ හිරවෙලා . ඇයි අපි බය අභියෝග කරන්න.

ඔබේ පාට කණ්නාඩි ගලවලා ඇත්ත ලෝකය දකින්න.

ඒ සරල සුන්දරත්වය දකින්න. එකකට එකක් ගලපීමක් නෑ කියල ඔබට හිතෙයි.

එත් මම ලියන්නේ පුංචි දරුවෙක්ගේ හැගිම් ගැන. පුංචි දරුවෙක් වෙන්න පුළුවන් අම්ම කෙනෙක් ගැන. මම පුංචි කාලේ අහස දිහා බලන් හිටියේ හුගක් ලොකු බලාපොරොත්තුවකින්. පිට සක්වළ ජීවීන් ඇවිත් මාව පැහැරගෙන ගිහින් එයාලගේ ලෝකේ රැජින කර ගනියි කියල විශ්වාසයක් හිතේ තිබුනා. ඒක එහෙම සිදු නොවුනත් පැහැරගෙන ගිය නපුරෙන් බේරිලා ආපු මම අද රැජිනක් නෙමෙයි කියල මම හිතන්නේ නෑ .

පුංචි දුව කුමරිකාවක්ද, මකර පැටියෙක්ද එහෙමත් නැත්නම් පොඩි ගෙඹි පැටි යෙක්ද කියල ලොකු බයක් නෑ . මොකද අපි ගොඩක් වෙලාවට හිතන්නේ අපි ගෙම්බියෝ දෙන්නෙක් කියල. ගෙබි හම ගලොපු වෙලාවට අපි වෙනත් අය . එක තමයි ඇත්ත.

කොහොමටත් කියන්න තියෙන්නේ මෙච්චරයි. දුනු දිය ශක්තිමත් නම් දුනු ශිල්පියා ඈ ත ක්ෂිතිජයට හීතල මුදාහරීවි. දුන්න ඊතලයට ප්‍රේම කළත් ඊ තල නිදහසේ ගමන් කරයි. ඒ ගමනේ ප්‍රබලම ආරම්බය දුනු දියයි. පරායත්‍ය විචල්‍ය ස්වායත්ත ගමනක යෙදෙයි. අම්මගෙයි දුවකගෙයි ජීවිතේ ඇත්ත ඒකම තමයි.