About Me

My photo
දනිමි මම මා නොවන වග, මට මා හමුනොවන සඳ, විනිවිදිමි ගණදුර, එළිය පහනක නොතිර බව තුළ.

Saturday, August 21, 2021

#35: මගේ සොඳුරිය…… කුවන්නා

 

යශෝදරා ….යශෝදරා ...ලොවට නුඹ මගෙ, යශෝදරා

නූරි නොවුනද , හදේ  සිරවුණ, නිඳි බින්ඳ නුඹ , වී පබා ....

නුඹව අතහැර බවුන් වඩනට -යන්න පින් මදි  මට මෙදා ..

නුඹට පව් නැත, මම දනිමි එය  - උඹ රකියි දරුවන් සඳා ....

 

යශෝදරා .....යශෝදරා ........ ලොවට නුඹ මගෙ, යශෝදරා

 

නොලිව් කවියක සැඟවූ සුසුමක - සෙනෙහෙ ලෙහිතුර සඟවලා

කාසි අඟ  හිඟ දැනුණු දවසක - කුවන්නා විඳ මගෙ පබා ...........

බිඳුණු හදවත අඳුරේ ගුලි කොට - ළිපේ ගින්දර අවුළුවා

හැදුව තේ එක කහට වැඩි බව - කියනු බැරි බව දනිමි මා ..........

කුවන්නා ................................... කුවන්නා……..


අහිමි හිරු සඳ - උන්ට කුමකට -දිස්නදෙයි නුඹගේ ප්රභා

කඳුළු තොටුපළ - සෙනෙහෙ පෙම් විල - ගොඩ ගලයි වානෙන් එහා

අඳුරු ගොම්මන දෙවොල අබියස - ලත උනේ -කුමකට මෙදා

පුදසුනේ දෙවියන් නොමැති බව - නුදුටුවේ ඇයි නුඹ උමා ......

 

කුවන්නා ...කුවන්නා ... මගේ සොඳුරිය…… කුවන්නා