About Me

My photo
දනිමි මම මා නොවන වග, මට මා හමුනොවන සඳ, විනිවිදිමි ගණදුර, එළිය පහනක නොතිර බව තුළ.

Tuesday, December 19, 2017


# 04: වැස්සට වගක් නැත

සීතල හීන ළඟ - මියැදුණු හිතක් ඇත
සැක පිරි හිතක් අග - නොඉදුල් හදක් නැත
වසන්තය කෙළවර - ලතැවුල් ඒමට ඇත
සදොස් දෙවොලක නිසල - සුපෙම් සිතිවිලි නොමැත
ඇය වැරදි ඇති කියන- සුදාන පුර වැරදි නැත
                                                මවකගේ වගකීම - ලොවටම මතක ඇත
                                                අදුන් ගෑ නෙතු අගනොදිසේ කදුළු කැට
                                                හදේ  ගිනි නිවන්නට - වැස්සට වගක් නැත


#03:
නීතියේ දෙවගන - නුබළු පැහැසරා
අබිසරුලියක් කළේ - උන්මයි උවසරා

කළු කබා පළුවක් - ඇන්දාට  විළිවසා
නෙරා ආ නිරුවත - නුබට ඔච්චම් කළා

උන් උබේ ඇස් බැන්ද - පට පිළි මෘදු නිසා
පැහැදිළිව නොපෙනුණත් - හිරි ඔතප් බිලි උණා
ප්‍රමොදේට පෙගී ගිය - මොණර කොළ ගැන සිතා

සමුහික රමණයක් - උසාවිය නිමකළා 

# 02:

පළතුරු පළග හැරදා ආමි
දැදුරු  හදවත දෝතින්  පුදමි.
පරසතු කුසුම් නොගසා ආමි
ගිනිගත් සුසුම් ගවසා හිඳිමි.

සුදුවන්  සේල කළු පැහැ ගැහුණි
රත් පැහැ සලබ පොරවා හිඳිමි.
ගිනියම් අඟුරු මඟහැර ඇදෙමි
රත් පැහැ  යවට සියොළඟ සැලුනි

නීතියේ  වෙසගන    අතැර ඔබ වෙත ආමි
නීතියෙන්  යදම් කළ බැඳුම ගැන පළි ගසමි
තෙද බලැති විකුමැති දෙවොල  අබියස ඉදිමි  

සදෙව් ලොව දෙවියනේ ඉදිරියට එනු මැනවි













# 01: 
අසනී වැහි වළාවේ
ගිගුම්  දෙන පමාවේ
සැඩ සුළං මුළාවේ
ජීවිතේ උදාවේ ..............
සළු පොට මුවාවේ
වැසි දිය ගලා යේ
උණුසුම් කබායේ
බොත්තම් සිනාසේ .......
 අසම්මත  වන්නී
ලතැවුල් නොගන්නී
ජීවිතය දන්නී
ඇයමයි රගන්නී