# 04: වැස්සට වගක් නැත
සීතල හීන ළඟ - මියැදුණු හිතක් ඇත
සැක
පිරි හිතක් අග - නොඉදුල් හදක් නැත
වසන්තය
කෙළවර - ලතැවුල් ඒමට ඇත
සදොස් දෙවොලක
නිසල - සුපෙම් සිතිවිලි නොමැත
ඇය
වැරදි ඇති කියන- සුදාන පුර වැරදි නැත
මවකගේ
වගකීම - ලොවටම මතක ඇත
අදුන්
ගෑ නෙතු අග - නොදිසේ
කදුළු කැට
හදේ ගිනි
නිවන්නට - වැස්සට වගක් නැත
++++++
ReplyDeleteස්තුතියි ඔබට
Deleteමහදේ ගිනි නිවන්නටත් වැස්සට වගක් තිබුනේ නැහැ පොලියානා,අගෙයි නිර්මාණය
ReplyDelete