About Me

My photo
දනිමි මම මා නොවන වග, මට මා හමුනොවන සඳ, විනිවිදිමි ගණදුර, එළිය පහනක නොතිර බව තුළ.

Saturday, August 11, 2018

# 22: අවසන් ලිපිය














සදාදර අසඩක් ,
 
හන්තාන පුරහඳ - රාහු ගිලගත් බව 
අල්තාරය අභියස - මිමිණුවා මතකද 
බිඳුණු හද අතින් ගෙන - ඉරුණු සළු පොටින් ඔබ 
නිරුවත් ආත්මය - එළිකළා නුඹට මම 
 
පස්  වසක් ගත්තත් - උඹට නෑ හයියක් 
පසදින්න කිසිවක් .......................
උඹෙයි අසරණකම - දිරිය ගැහැනියක  ළඟ 
සමච්චල් නොකරමිය - ඉතින් නුඹ හට තවත් 
සිනහ පා නික්ම යමි - ඔබගේ ද්වාරයෙන් 
මිළට ගෙන යුක්තිය - නොනමා හිස සිතින් 
 
ඉතින් අපි සමු ගනිමු; මන්ද;
 
අවැසි මට සරසන්න 
නුඹ සුදු කළ මගේ කෙස් 
නෙක වර්ණයෙන්;
මඳ පවනක්ව  හමන්නට පෙර 
 
මීට ඔබේ අවංක,
 
පැමිණිලි කාරිය  
 
(06 අගෝස්තු 2018)