සැදෑ
අඳුරෙහි ගිළුණු මොහොතක
පහන
නිව්වේ කිම කියා
කදෝ
පැණි එළි, මගෙන් ඇහුවා
මතක
අමතකදෝ කියා............
හද ගැහෙන හඬ - නොඑන මොහොතක
කඳුළු
වියළුණු - නෙත් අයා
කැඩපතින්
ඇසුවාම කිව්වේ
බිඳුණු
කැබලිත් නැත කියා ..........
රිදුම්
පිරිපත දෙවනු කිමදැයි
සංසාර
දුක පේ වෙලා
බිඳෙන
පෙනපිඬු -අතර සොයනෙමි
සසර
නිවනක් වෙද කියා ........
19/ 05/ 2021