එකතු කරමි මම,
බිඳී විසිරුණු යමක් ,
එකතු කරමි මම,
බිඳී විසිරුණු යමක් ,
මදහස නැගෙන මුවගේ දෙසවන් දක්වා
කෙහෙ රොද රැදුනි කන් පෙති අතරින් ලිස්සා
නුඹ දෙස් තියන අරුමෝසම් වැසි වස්සා
මුප්පු තෝඩුවක්
හිනැහුණි ඇය එක්කා
නාභිය බොලට වැසුමට සළුපිළි මස්සා
කෙණ්ඩිය අගින්
පේ කළ සෙත් පැන් ඉස්සා
සුරතේ මවන
පච්චය සිත යට රිස්සා
පින් කළ සිතක
තරු සිතුවිළි වැසි වැස්සා…….
සොඳුරිය සිහිනයක් -හන්සයෝ ගී ගයන
නිසසල විලෙත්
-හැමවිට නෙක රැළි නගන
මානෙල්, නෙළුම්
පරදන කඩුපුල් කුසුම
අවිහිංසක
නැතැයි කිම මැසිවිලි බෝම ......
ගිගුරුව තරම්
අහසම කළුවර වේ දෝ
සඟවන හැඟුම්
හිත යට අමතක වී දෝ
තරහෙන් පිප්පුවත්
ආදරේ ඇති නේදෝ
හැට්ටේ පිටට
බොත්තම් දැමුවා හැඩ දෝ

පුරහඳ පාන වෙසඟේ නැඟ එන සන්ඳා
හෙමිහිට හමයි පවනත් මල් සුණු රන්දා
මෝසම් වැස්ස වහිනා මුදු නොනවත්වා
කළුසිත් වසා සුදු පැහැ සිල් රෙදි ඇන්දා...............
පෙහෙවස් නැමද -වේරමණී සිල්පද මුමුණා
බුදුබණ අසන රිසියෙන් මම ලත වූවා ...
කවි බස ඇසෙන විට අග තාලය තිබ්බා
හිමිනම ගයන්නේ මෙනවද හිත ඇසුවා ..........
සිංහල බොදුන් ලොව පරසිඳු බව පෑවා
පුටින් ලොවෙහි දියසෙන් යැයි මුරගෑවා
මුස්ලිම්පවුරු බිඳුමට නැගිටිනු කිව්වා
දරුවන් බුරුතු මෙලොවට ගෙන එනු දෙසුවා .........
පේරා ඉඳල යුනියන් කළ බව කිව්වා -සසුනට අවුත් කළ මෙහෙවර පැවැසුවා
වැටුපක් නොගෙන කල සේවය දිස්වීලා - දායක දායිකා යුතුකම මතුවූවා ...
දෙව් ලොව වඩින්නට කාලය ඇති සන්දා- තව දේශන රැසක් ඇත ශෙඩියුල් වීලා
රථයට නැගී ඉගිලෙන්නට පෙර කැන්දා - ඇසුවා මගෙන් බන හොඳ මදිදැයි නන්දා ..?
සම්මුති ලෝකයේ -රඟ බිම රෑ චායා
පටියෙන් බැඳෙන ගතියක -නගතිය සොයනා,
බුදුහිමි කොතැන දෙසුවද මේ- බණ මායා
මගේ පිරි අපිරි ගැන -බිම හිඳ , කවි ලීවා………………..
දුටුවෙමි සුන්දර උවනකෙහෙරොද ලඟින් හිනහුන කුසුමපිදුරංගල වෙහෙරට පිදෙනමල් පැස බැතින් අත්ලෙහි රැඳුනසුළඟට සැලී ගිලිහෙනු තනනමල් මෙන් අරුම දිවිහුය පුදුම ..........සළුපිළි අතර තිසරුන් සේමනාභිය ලඟින් නෙරි පොට බෝමඅඩවන් දෙනෙත ආරැයුම් ගේනපාකරයි සැහැල්ලුම පිරිමින් බොහොම..............දෙස් දෙන දනන් හට - විනිවිද දකින සළුපට;ශ්වෙතාම්බර පට -වැසුව නොවැසුව හුය පටමියුලැසිය, මාහට - වෙසඟනකි ඔබහටඅරුමසිය මිහිපිට -නොදකින එකය තම සිත !
මලකි නුඹ මනරම් - විලකි සෙනෙහස දුන්
උසට නැගෙනා ගිරි හිසයි නුඹ -අහස් කුස සිඹිමින්
සිව් දිගින් එන නේක සුළි මැද -හිනැහෙමින් ඉඳපන්
මියුලැසිය ඔබ නම් ………………………………//
පෙති බිඳුණු දා -මලක් නැති බව - නුඹට මුමුණයිදෝ
මලක පැහැසර අඳ වු දෙනෙතින් දකින උන් කොහිදෝ
නීල අඹරේ පියාඹන්නට -නුඹට බැරි කිමදෝ
දියඹ ඔබ්බෙහි ලොව දකින්නට අවසරයි නංගෝ ..........
මලකි නුඹ මනරම් - විලකි සෙනෙහස දුන්
උසට නැගෙනා ගිරි හිසයි නුඹ -අහස් කුස සිඹිමින් //
පෙති හැලුණු මල් -පිබිදෙනා බව - අහස් ගවූ උසකින්
සුළඟ මුමුණයි - අසනු දියණිය - දිරිය පිරි හිතකින්
මලකි නුඹ මනරම්- සුවඳ දෙන හැබැහින්
කැලුම් දී හිනැහෙන්න නැගණිය -නැගෙන හිරු විලසින්
මලකි නුඹ මනරම් - විලකි සෙනෙහස දුන්
උසට නැගෙනා ගිරි හිසයි නුඹ -අහස් කුස සිඹිමින් //
👉අතුල අධිකාරි ගයන, බන්දුල නානායක්කරවසම්ගේ ගී පද "විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි- ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි -සරදම් නොකරමි ආදරයෙන් කියමි, විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි", අපේ යොවුන් වියේදී නිතරම ගැයුණු අදටත් ගැයෙන ගීතයක්. එත් මහ වැසි මැද්දේ, ගෙදර එමින් ඉන්න විට ඒ සින්දුව ඇහෙන කොට පළමු වතාවට මට හිතුනා මේ කියන දේ වැරදියි නේද කියල . සින්දුව ගැන විවේචනයක් නෙමේ, මේ ගීතය අවවාදයක් දෙනවා නමුත් කන්‍යාභාවය නැතිවූ පමණින් ඇය තවදුරටත් මලක් නොවේයැයි පවසන සමාජය පසුගාමී නොවේද? එබැවින් මේ ඇය වෙනුවෙන්; 💖💖
දෑස පියන් - බිම නොබලන්
සැඩ පහරේ - ගසා ගෙන යයි
සහසක් දූ පුතුන් - අහිමිව ඔරු බඳත්
එතෙර යයි වැල් පාලමින් - රජ කුමරුන්
ගෘෂා නුඹ සමත්
අසඩක් උඹ ඉතින් -බීපන් තව තවත්
උඹ වෙනස් , මම වෙනස් - ඉඳුරාම
හරි වෙනස්
ආදරෙන්
බැඳුණාට - සිතන හැටි වුව
වෙනස්
පොරොන්දම්
විස්සෙනුත් - පහක් ගැන උනි දොසක්
එකට
සිටි පෙර දිනත් - වැහි
කවියකිය නොදත්
විපිළිසර
සිත මැදත් - සිතුවේම මම අදත්
සිංහයෙක් , වෘෂභයෙක්
- එක ලඟම රථ
දෙකත්;
කල්ප
සහසක් ගොහින් -උන් තවම එක
ලඟත්
කොහොම
බැලුවත් හෙටත් -නැතිද උන් හරි
වෙනස් ?
ගඟ දෑල නුඹයි..............
ගං
පතුළ මමයි;
නිහඬ
දියේ , සැඩ සුළි
මවනා
.....................
හිරු
මඩළ නුඹයි.............
ඉටි
පහන මමයි -
නිවි
නිවි දැවෙනා , දැවි
දැවි නිවෙනා ..............
මහා
වැස්ස නුඹයි ............
පොද
වැස්ස මමයි,
රේණු
වටින් මල් පෙති සිඹිනා
.............
මිහි
මඬල නුඹයි ..............
සඳ
වතිය මමයි ,
අමාවකදි ඔබ
ළඟ නිදනා …………
මගෙ
සෙනෙහෙ ඔබයි .... ....
සෙනෙහස මමමයි,
උණු
කදුළක .....ඉකි.. බිඳිනා ............

යශෝදරා ….යශෝදරා ...ලොවට නුඹ මගෙ, යශෝදරා
නූරි
නොවුනද , හදේ සිරවුණ,
නිඳි බින්ඳ නුඹ , වී පබා ....
නුඹව
අතහැර බවුන් වඩනට -යන්න පින් මදි මට
මෙදා ..
නුඹට
පව් නැත, මම දනිමි එය
- උඹ
රකියි දරුවන් සඳා ....
යශෝදරා
.....යශෝදරා ........ ලොවට නුඹ මගෙ, යශෝදරා
නොලිව්
කවියක සැඟවූ සුසුමක - සෙනෙහෙ ලෙහිතුර සඟවලා
කාසි
අඟ හිඟ
දැනුණු දවසක - කුවන්නා විඳ මගෙ පබා ...........
බිඳුණු
හදවත අඳුරේ ගුලි කොට - ළිපේ ගින්දර අවුළුවා
හැදුව
තේ එක කහට වැඩි
බව - කියනු බැරි බව දනිමි මා
..........
කුවන්නා
...................................
කුවන්නා……..
අහිමි හිරු සඳ - උන්ට කුමකට -දිස්නදෙයි නුඹගේ ප්රභා
කඳුළු තොටුපළ - සෙනෙහෙ පෙම් විල - ගොඩ ගලයි වානෙන් එහා
අඳුරු ගොම්මන දෙවොල අබියස - ලත උනේ -කුමකට මෙදා
පුදසුනේ දෙවියන් නොමැති බව - නුදුටුවේ ඇයි නුඹ උමා ......
කුවන්නා ...කුවන්නා ... මගේ සොඳුරිය…… කුවන්නා

තුරු වදුළු සිඹින -මද සුළඟ නිතින සැම
කෙනෙර මවුන් ඔද-තෙද රන්දා
ගස් ගොම්මන යට - කඩොල් කැලේ කොන
නිසොල්මනේ මිහි සර විඳිනා
අම්මා ......අම්මා....... මිහි මඬල සැම ගෙ අම්මා //
විහඟ ගීතයක - ස්වර පුබුදන සඳ
කලා වැවේ දියවර බන්ඳා
කුඹුක් රුකක් යට - සෙවන කැදැල්ලක
මීන කුලේ පෙම් - සුව විඳිනා
අම්මා ......අම්මා....... මිහි මඬල සැම ගෙ අම්මා //
පෙන පොකුරු මවන - සුළි රටා මතින
නුඹ ගලයි, ගලයි , ගංගා ....
කෙත් වතු සරු කොට - ඔබත් මමත් රැක
ජීවය නිති රකිනා …… අම්මා
රැක ගනිමු ලොවෙ ම අම්මා -මිහි මඬල සැමගේ අම්මා
අම්මා ......අම්මා....... මිහි මඬල සැම ගෙ අම්මා ........//