About Me

My photo
දනිමි මම මා නොවන වග, මට මා හමුනොවන සඳ, විනිවිදිමි ගණදුර, එළිය පහනක නොතිර බව තුළ.

Sunday, April 4, 2021

#32: කිරිල්ලිගේ පෙම් කථාවක් ………………..

 







සුවිසල් නිලඹර - පියාසලන සඳ

දුටිමි ඔබ පෙර දිනෙක

තුරු  වියන දෙබෑ කොට - අහසට නැගී උන් සැටි.

මා සිපගන්ටමඳ - ඇසුව සඳ හිනැහුනා;

ආදරය සැමට බව ...............

රැඳුනු මුත්  සෙනෙහසින්

ඔබේ උර මත -සරතැස නිවන අරුමෙක 

අරුණු යම නික්මුනා - සුලඟක වෙළෙන්නට .

 

රිදුම් පිරිපත  -සදිසි මොහොතක

සොයා ආ අද දින 

නුඹ නොමැති කෙම් බිම

දවයි මගෙ - කුරුළු හදවත

 

හුස්ම දුන් පෙර දින -කීවේද මට දමා යන වග

හිඳින්නට ඔබ ළඟ - නොඑන බව කිව්වාද ..

කැරකෙමින් සීරුවෙන් -සොයන  සඳ  මුඩු  කතර

තණ පතක් කෙඳිරුවා - ඔබේ අවසන් මොහොත;

 

මුවහත් පොරෝතල -කිඹුල් දත් කියත් තල

සිදින කළ   තුමුල ගත - පිරිසුදුම සුසුමන්  - යලි යළිත්  මුදාහැර

අවසන් මොහොත තෙක්  සෙවන දී  -උන් හැමට

නික්ම ගිය සෙනෙහෙ රුක - ආදරෙයි මම නුඹට ......

Friday, December 11, 2020

# 31: මම මිමි .

 


සුනිල් සයුරත සිබින හිරු කිරණ තවත් දිනයක් උදා කළ මොහොතක හරිත පැහැයෙන්  බබලන මුහුදු තණ බිම් මැදින් ඇය නිදහසේ   පිහිනා  ගියා. ඔයා දැන් කෑම ගන්න ඕනේ අපේ පැටියටත් එක්කකමයි කියල කියන්න තාත්තෙක් ලග නොහිටියත් පුංචි පැටියා  ගැන ස්නේහයෙන් පිරුණු ඇය මුහුදු තණ  කුස පුරා අහරට ගත්තේ නොබෝ දිනකින්ම පැටියා  කිරෙන් සනහන රිසියෙනුයි. ඔව් . ඒ තමයි මගේ  මව . මවකගේ ආදරය

මෙහි සිට  බටහිර දෙසට නෙත් යොමන්න. විල්පත්තු ජාතික වනෝද්‍යාන මායිමට  30 km නුදුරින් මුහුදු තෘණ පිරුණු නොගබුරු මුහුදු තීරය මගේ නිවහනයි. මව මගේ  උපත බලාපොරොත්තුවෙන් සිටින අතරේ තමයි දළ දියරලකට මැදි  වී ඉන්දියාවත් ලංකාවත් අතර ඇති පෝක් සමුද්‍ර සන්දියේ සිට ගසා  ගෙන ආවේ .

බබළන නීල දියබ කිසිදා නොදුටුවත් උනුසුම්මුහුදු රල පහස මව් කුස සිට නිරතුරුව වින්දෙමි. ඒ සොදුරු අත්දැකීම විදිමින් මව සමග එකට පිහිනන දිනය එනතුරු සිහින දුටුවෙමි . නොගබුරු තෘණ බිම් අතර සරමින් එක්බිති ගැබුරට   කිමිදෙන අපි, හුස්මක් ගන්නට නිරතුරුවම දිය මතුපිටටට් විත් ක්ෂණයෙන් කිමිදෙන බව ඔබට රහසක් විය හැකියි. ඇත්තමයි. එත් ඔබ වගේම කිරි බී වැඩෙන හුස්ම ගන්න  අපි ප්‍රනීත ආහාරයක් විදියට සළකන බව නම් හරිම බියකරුයි. අවාසනාවට  දීවරයින්ගේ දලට අසු වන අපි හුස්ම ගන්නට මතු පිටට එන්නට  බැරිව මියැදෙන හැටි හරිම දුක් බරයි.

එදා උඳුවප් මාසේ  අරුම දවසක්. හිරු මල මොහොතකට වළා  කුලක සැගවුනා. ඇගේ බිය මුසු ඉකි බිදුම සුළගේ සැගවී ගියා. මගේ  අම්මා මාලු දලකට අහුවුණා. මා ගැන  දුකින් බියෙන් සැළෙන ඇගේ හදවතේ  වේදනාව මට දැනුණා. අපේ හිත වල බියා එකට යාවුණා. අවසන් හුස්ම  හෙළන්නට පෙර ඇය දිරිය ගත්තා ඇගේ කුසින් මා මුදා හැර මගේ ජීවිතය බේරාදෙන්නට. නමුත් අපේ ඉරණම කාරුණික උනේ  නැහැ .

 

පෙකෙනි වැලෙන් තවමත්  යාවි පාවෙමින් තිබුනුඅපගේ නිසල සිරුරු ඔබට හමුඋනා . මම අපේ කතාව ඔබට  කියන්නේ, වදවී යමින් සිටින මගේ නෑයින් වෙනුවෙන්, සුනිල් දියබේ සරන්නට සිහින දකින නුපන් පැටවුන් වෙනුවෙන්.

අපව ආරක්ෂා  කරන්න. අපිව ආහාරයට ගන්න එපා. අපි වෙනුවෙන් අපගේ සාගර නිවහන රැක දෙන්න.

 සමුගන්නම්”

 

Monday, December 7, 2020

# 30: කළා වැව ළඟ; යෝධ ඇළ නුඹ

 




විසිරෙනා දිය පබළු - ඇවිළෙනා දියඹ ළඟ

වෑ බැම්ම වැළඳගත් - අම්බපාලිය නුඹය

තනි ඉවුර සීරුවට -නුඹගේ බඳ ඉම්බාට

කඩවර යනෙන මඟ - උඹට බය සැක කිමද ?

 

වංගුවේ සැඟවෙනා - දිය කළියෙ  මහිමයට

දොස්මුර සතක් මැද - මඩ  කහට නොමැති ගත

තහංචිම දහයකට - වැඩුව  පෙරදිනෙක

වන සතුන්, නෙක රුපුන් - සැනසුවා ඉඩෝරෙට

 

පවුරු කඩ ඉම නොමැති - දකුණු දිග දිය දෑල

හෙමි හෙමින් සැඟවුනා - කෙතට දියවර නැමද

සිහිල සීමා නොකළ - ළඳකගේ සෙනෙහෙ දිය

තෙත් කළා ඉරි තැළුණු - නොහික්මුණු කෙත් කඳුළ ....

 

අති පැරැණි යෝධ ඇළ සැබැවින්ම ඇළක් නොව සැතැපුම් 54ක් දිගට කලා වැවේ සිට තිසා වැව දක්වා පිහිටු වූ දික් වැවක් යැයි කිව හැකි තරමට එහි නිර්මාණය අපූර්වත්වයෙන් පිරී තිබේ. වසර පන්දහසක් තරම් අතීතයට දිව යන දේශීය වාපි හා වාරි ශිල්පයේ මහිමය මූර්තිමත් කෙරෙන අද්විතීය නිර්මාණයක් වූ යෝධ ඇළේ ඉතිහාසය යෝධ ඇළ තරම්ම දිගය අරුම හඟින සැම  වෙත 

Sunday, December 6, 2020

# 29: සමාන්තර ජීවිත

 පෙර යම් දිනෙක;

 මම ඔබ දුටිමි

දුටු බව හැගුණි.

සිත්තම්  කළෙමි, මා දුටු ඔබ

කිරීටක ධමනි මත

සෙවණැලි නොපෑගුණ -නිහඬ මැදියම.  

වීය ඔබ සඳ එළිය -හමු වන තුරා  අප දෙදෙන

එකම එක වහළ යට.

 

මම මාම වී - ඔබ ඔබම වී

අප අපම වී .......එනමුදු;

ඔබ දුටු මමත් - මම දුටු ඔබත්

කවුරුන්ද උන් දෙදෙන ?

විමතියෙන් විමසමි

අප අපේ වූ ඉක්බිති,

 

රැදෙන මුදු  ඔබ  අසළ නිඹදව 

නොහැකි සඳ හමුවන්න ඔය සිත

සිහිනයෙක  සිහි කරමි උන් ගැන

ගෙවමින් සමාන්තර ජීවිත......

# 28: යටිකුරු වු ඔරු බඳ

 


සඳ නිදන මහ රැයක  - යටිකුරු වු ඔරු බඳක

තාවරවූ සිතුවිල්ල  - අකුරුකළ නොහෙන සඳ;

නොවැලපුන සුසුම මත - හිස් බැල්ම මඟ හරිමි

චිතකයට ගිනි තබමි -  මන්ද, ඇය මියගොසිනි .

Saturday, March 30, 2019

#27: සමානයා

පළමුව මට මාද 
දෙවනුව මට නුඹද 
තෙවනුව නිවහනද 
අහිමිව ගිය සඳ;
සැරි සරමි ඔබ මොබ 
නොමළ, මළ මිනිසෙක්ව.
අහෝ කම් නැත ,
අහිමි වී ඇත, මීටත් වැඩි දෑ ...
එහෙයින්,
විඳිමි ..විනිවිඳිමි 
වික්ෂිප්ත වූ දසුන් .

Sunday, February 17, 2019

# 26: අනේ අපිටත් කිරි දෙන්න කාමරයක්


කැ කෑ රෙනා  ඉරමල යට - දහදිය කදුලින් හැඩවෙන
සෙනෙහෙලතා , විනීතලා - මඟ දිග බොහොමයි

උන්ගේ අතේ හිඳ නැළවෙන - පියොවුරු සිඹ කුස පුරවන
අවිහිංසක කිරි දරුවන් - පුරවර එමටයි
රෝහල මංකඩ රැස් කන- හේනේ කුඹුරේ දෙස් දෙන
කිරි වියළුණු  මවක සුසුම - තන පොට හඳුනයි
තුරු සෙවනක, බස් අසුනක - ගිජු ඇස් අභිමුව සැඟවෙන
තවත්  ළඳක පෙව් කිරි කඳ - සෙනෙහස සේමයි

සීතල කුටියක ගැවසෙන - සුවබර විමනක යන එන
අයිතිය ගැන යුදට වැදෙන - නෝනලා බොහොමයි
දරුවන් ඇකයේ නැතුවට - කිරි බිඳු තන අග නැතිවට
කිරිදෙන්නට ඔෆීසියේ - තැනකුත් උරුමයි
උන් හැම හඬ ගා පවසන - නිදහස් අයිතිය කාහට
විඳිනු  කුමට විඳවන හෙට - කදුළක් විමසයි .













සංවර්දනය වෙනුවෙන් කැපවුණු ඉහල පෙලේ ආයතනයක සිටින බුද්ධිමත් කාන්තාවන්, කිරි දීමට ස්ථානයක් ඉල්ලති. කිසිවෙකුත් කිරිදරුවන් රැගෙන රැකියාවට නොපැමිණෙන  හෙයින්ද , මහජනයා  මෙම ස්ථානය අභ්‍යන්තරයට නොපැමිණෙන හෙයින්ද එවැනි කාමරයක් කුමකටදැයි මට තවමත් අපැහැදිලිය .

නමුදු ඔබට අනුව එය අවශ්‍යතාවය නොව අයිතිය පිලිබඳ සංකේතයකි.
අදිකරණය වෙත යොමු කිරීමට පෙර යුෂ්මතිය සමාව භජනය කරයි.
ස්ත්‍රී පුරුෂ සමාජ බාවය පිලිබඳ සටනට .........................