තුරු වදුළු සිඹින -මද සුළඟ නිතින සැම
කෙනෙර මවුන් ඔද-තෙද රන්දා
ගස් ගොම්මන යට - කඩොල් කැලේ කොන
නිසොල්මනේ මිහි සර විඳිනා
අම්මා ......අම්මා....... මිහි මඬල සැම ගෙ අම්මා //
විහඟ ගීතයක - ස්වර පුබුදන සඳ
කලා වැවේ දියවර බන්ඳා
කුඹුක් රුකක් යට - සෙවන කැදැල්ලක
මීන කුලේ පෙම් - සුව විඳිනා
අම්මා ......අම්මා....... මිහි මඬල සැම ගෙ අම්මා //
පෙන පොකුරු මවන - සුළි රටා මතින
නුඹ ගලයි, ගලයි , ගංගා ....
කෙත් වතු සරු කොට - ඔබත් මමත් රැක
ජීවය නිති රකිනා …… අම්මා
රැක ගනිමු ලොවෙ ම අම්මා -මිහි මඬල සැමගේ අම්මා
අම්මා ......අම්මා....... මිහි මඬල සැම ගෙ අම්මා ........//
හිතට දැනෙනවා
ReplyDelete❤️
ReplyDeleteමිහිමවට කවි සිතක කවි බැඳෙන අපූරුව...❤️❤️
ReplyDeleteදැනෙන නිර්මාණයක්
ReplyDeletehttps://www.facebook.com/100064604415464/videos/406469270900242
ReplyDelete<iframe src="https://www.facebook.com/plugins/video.php?height=314&href=https%3A%2F%2Fwww.facebook.com%2F100064604415464%2Fvideos%2F406469270900242%2F&show_text=false&width=560&t=0" width="560" height="314" style="border:none;overflow:hidden"
ReplyDelete