දුටුවෙමි සුන්දර උවන
කෙහෙරොද ලඟින් හිනහුන කුසුම
පිදුරංගල වෙහෙරට පිදෙන
මල් පැස බැතින් අත්ලෙහි රැඳුන.
සුළඟට සැලී ගිලිහෙනු තනන
මල් මෙන් අරුම දිවිහුය පුදුම,
සළුපිළි අතර තිසරුන් සේම
නාභිය ලඟින් නෙරි පොට බෝම
අඩවන් දෙනෙත ආරැයුම් ගේන.
නොදුටුවෙ නුඹය බැති සිත රැඳුන.
විනිවිද දකින සළුපට;
ශ්වෙතාම්බර පට -වැසුව නොවැසුව හුය පට
මියුලැසිය, මාහට - වෙසඟනකි ඔබහට
අරුමසිය මිහිපිට , නොදකින එකය තම සිත !




