About Me

My photo
දනිමි මම මා නොවන වග, මට මා හමුනොවන සඳ, විනිවිදිමි ගණදුර, එළිය පහනක නොතිර බව තුළ.

Sunday, November 27, 2022

#40: විචාර…………..

 

දුටුවෙමි සුන්දර උවන
කෙහෙරොද ලඟින් හිනහුන කුසුම
පිදුරංගල වෙහෙරට පිදෙන
මල් පැස බැතින් අත්ලෙහි රැඳුන
සුළඟට සැලී ගිලිහෙනු තනන
මල් මෙන් අරුම දිවිහුය පුදුම ..........
සළුපිළි අතර තිසරුන් සේම
නාභිය ලඟින් නෙරි පොට බෝම
අඩවන් දෙනෙත ආරැයුම් ගේන
පාකරයි සැහැල්ලුම පිරිමින් බොහොම..............
දෙස් දෙන දනන් හට - විනිවිද දකින සළුපට;
ශ්වෙතාම්බර පට -වැසුව නොවැසුව හුය පට
මියුලැසිය, මාහට - වෙසඟනකි ඔබහට
අරුමසිය මිහිපිට -නොදකින එකය තම සිත !

Thursday, November 3, 2022

#39: මලකි නුඹ මනරම් - විලකි සෙනෙහස දුන්

මලකි නුඹ මනරම් - විලකි සෙනෙහස දුන්

උසට නැගෙනා ගිරි හිසයි නුඹ -අහස් කුස සිඹිමින්
සිව් දිගින් එන නේක සුළි මැද -හිනැහෙමින් ඉඳපන්
මියුලැසිය ඔබ නම් ………………………………//


පෙති බිඳුණු දා -මලක් නැති බව - නුඹට මුමුණයිදෝ
මලක පැහැසර අඳ වු දෙනෙතින් දකින උන් කොහිදෝ
නීල අඹරේ පියාඹන්නට -නුඹට බැරි කිමදෝ
දියඹ ඔබ්බෙහි ලොව දකින්නට අවසරයි නංගෝ ..........


මලකි නුඹ මනරම් - විලකි සෙනෙහස දුන්
උසට නැගෙනා ගිරි හිසයි නුඹ -අහස් කුස සිඹිමින් //
පෙති හැලුණු මල් -පිබිදෙනා බව - අහස් ගවූ උසකින්
සුළඟ මුමුණයි - අසනු දියණිය - දිරිය පිරි හිතකින්


මලකි නුඹ මනරම්- සුවඳ දෙන හැබැහින්
කැලුම් දී හිනැහෙන්න නැගණිය -නැගෙන හිරු විලසින්
මලකි නුඹ මනරම් - විලකි සෙනෙහස දුන්
උසට නැගෙනා ගිරි හිසයි නුඹ -අහස් කුස සිඹිමින් //

👉අතුල අධිකාරි ගයන, බන්දුල නානායක්කරවසම්ගේ ගී පද "විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි- ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි -සරදම් නොකරමි ආදරයෙන් කියමි, විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි", අපේ යොවුන් වියේදී නිතරම ගැයුණු අදටත් ගැයෙන ගීතයක්. එත් මහ වැසි මැද්දේ, ගෙදර එමින් ඉන්න විට ඒ සින්දුව ඇහෙන කොට පළමු වතාවට මට හිතුනා මේ කියන දේ වැරදියි නේද කියල . සින්දුව ගැන විවේචනයක් නෙමේ, මේ ගීතය අවවාදයක් දෙනවා නමුත් කන්‍යාභාවය නැතිවූ පමණින් ඇය තවදුරටත් මලක් නොවේයැයි පවසන සමාජය පසුගාමී නොවේද? එබැවින් මේ ඇය වෙනුවෙන්; 💖💖