About Me

My photo
දනිමි මම මා නොවන වග, මට මා හමුනොවන සඳ, විනිවිදිමි ගණදුර, එළිය පහනක නොතිර බව තුළ.

Wednesday, July 20, 2022

# 38: ගෘෂා නුඹ සමත්

 

දෑස පියන් -  බිම නොබලන් 

සැඩ  පහරේ - ගසා  ගෙන යයි 

සහසක් දූ පුතුන් - අහිමිව ඔරු බඳත් 

එතෙර යයි වැල්  පාලමින් - රජ කුමරුන්

ගෘෂා නුඹ සමත් 

අසඩක් උඹ ඉතින් -බීපන් තව තවත් 

Sunday, July 3, 2022

#37: වෙනස

 


උඹ වෙනස් , මම වෙනස් - ඉඳුරාම හරි වෙනස්

ආදරෙන් බැඳුණාට - සිතන හැටි වුව වෙනස්

පොරොන්දම් විස්සෙනුත් - පහක් ගැන උනි  දොසක්

එකට සිටි පෙර දිනත් - වැහි කවියකිය නොදත්

 

විපිළිසර සිත මැදත් - සිතුවේම මම අදත්

සිංහයෙක්  , වෘෂභයෙක් - එක ලඟම  රථ දෙකත්;

කල්ප සහසක් ගොහින් -උන් තවම එක ලඟත්

කොහොම බැලුවත් හෙටත් -නැතිද උන්  හරි වෙනස් ?