දුටුවෙමි සුන්දර උවන
කෙහෙරොද ලඟින් හිනහුන කුසුම
පිදුරංගල වෙහෙරට පිදෙන
මල් පැස බැතින් අත්ලෙහි රැඳුන.
සුළඟට සැලී ගිලිහෙනු තනන
මල් මෙන් අරුම දිවිහුය පුදුම,
සළුපිළි අතර තිසරුන් සේම
නාභිය ලඟින් නෙරි පොට බෝම
අඩවන් දෙනෙත ආරැයුම් ගේන.
නොදුටුවෙ නුඹය බැති සිත රැඳුන.
විනිවිද දකින සළුපට;
ශ්වෙතාම්බර පට -වැසුව නොවැසුව හුය පට
මියුලැසිය, මාහට - වෙසඟනකි ඔබහට
අරුමසිය මිහිපිට , නොදකින එකය තම සිත !


ඔබේ නිර්මාණත් ලන්ඩන් කවියට සහ සිසිලට යවන්න.
ReplyDeletehttps://londonkavi.com/contact/
නිර්මාණ ඉදිරිපත් කිරීමේ යොමුව ලෙසත් මේ විද්යුත් තැපෑලම භාවිතා කල හැකිය
sisila.sangarawa@gmail.com
සිසිල කරන්නේ ලෝක හොරෙක්. ඒකට යවන්න එපා
Deleteබොහොම ස්තූතියි දෙන්නටම
ReplyDelete