About Me

My photo
දනිමි මම මා නොවන වග, මට මා හමුනොවන සඳ, විනිවිදිමි ගණදුර, එළිය පහනක නොතිර බව තුළ.

Wednesday, May 19, 2021

#33: පහන නිව්වේ කිම කියා

 







සැදෑ අඳුරෙහි ගිළුණු මොහොතක

පහන නිව්වේ කිම  කියා

කදෝ පැණි එළි, මගෙන් ඇහුවා

මතක අමතකදෝ කියා............

 

හද ගැහෙන හඬ - නොඑන මොහොතක

කඳුළු වියළුණු - නෙත් අයා

කැඩපතින් ඇසුවාම කිව්වේ

බිඳුණු කැබලිත් නැත කියා ..........

 

රිදුම් පිරිපත දෙවනු කිමදැයි

සංසාර දුක පේ වෙලා

බිඳෙන පෙනපිඬු -අතර සොයනෙමි

සසර නිවනක් වෙද කියා ........

19/ 05/ 2021


No comments:

Post a Comment

සංචාරයේදී හමු උන ඔබේ ගමනට සුබ පැතුම්, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ .