ඉල් මහේ වැහි නොදුටු - අහසට දෙස් තියා
පොඩි මැණිකේ නිවුණු ළිප - හිතේ ගිනි එක් කළා
හෙට්ටිගේ ණය පොතේ - ඉලක්කම් දිගුවු දා
කිරි මවගේ ගෙජ්ජි වැල - වත්තේ කොන වැලලුනා ....
සහරාවේ කුණාටුව - ඔලිව් ගස් හිස් කළා
හිස් තැටිය රොටි නැතුව - නජ්ලා විසි කළා
දෙවියන්ගේ අඩවියේ - දොර උන්ට වැසුණ දා
පවුලේ බර වැඩි බව -බූරුවට සිහි උණා ......
ගිනි වැදුන දිවි මගේ - දුක් සුසුම් පිරිවරා
සින්ථතික් බූරුවෝ -සැමට ඔච්චම් කළා
ආගමයි, ජාතියයි - නොයෙක් අවි අත දරා
පණ අදින මිනිස්කම - කග පතින් සුන් කළා ...
මද පවන ගිණි අව්ව - දිවියටම පැටලිලා
ReplyDeleteවද විඳින පරපුරක - කතාවක් කඳුලක් සලා
පද ගොතා විසිතුරුව - බ්ලොගය ඔබ හැඩකළා
අද මගේ නෙත් දෙකම - මේ කවිය තෙත්කළා....
ලස්සන නිර්මාණයක්.
ජයවේවා!!!
තෙත්වූ දෙනෙත් අග - මිදුණු කදුළක් වෙලා
Deleteසොදුරුතම මිනිස් කම - තවත් කවියක් උනා
ඔවුන්ගේ හෙට දිනට - පැතුම් ආසිරි ගොතා
ඔබෙ වදන් පිලි ගනිමි - මා ඉතින් හිස නමා ...
බොහොම ස්තුතියි දුමී .....
බොහොම ස්තුතියි තඩියා තුමනි
ReplyDeleteලස්සන අරුත්බර නිර්මාණයක්
ReplyDeleteස්තූතියි ක්ෂේම භුමි දියණියනි
ReplyDelete